වාසියන්ස් පාගමන සැප්තැම්බර් 10 වන සෙනසුරාදා

0
642

vasianඉදිවෙමින් පවතින වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල් ගෘහස්ත ක්‍රිඩාගාරයේ වැඩ අවසන් කිරිමට අවශ්‍ය අරමුදල් සපයා ගැනිමේ අරමුණින් පවත්වනු ලබන වාසියන්ස් මොටර් රැලිය හා වාසියන්ස් පාගමන සැප්තැම්බර් මස 3 වන දා හා 10 වන සෙනසුරාද උදැසන 8 ට අරම්භ කිරිමට කටයුතු යොදා ඇත කිලෝමිටර් 50 ක දුරකින් යුත් මෝටර් රැලිය සැප්තැම්බර් 3 වන සෙනසුරාදා උදැසන 8 ට විදුහල ඉදිරියෙන් අරම්භ කරන බවත් වාසියන්ස් පාගමන සැප්තැම්බර් 10 වන සෙනසුරාදා උදැසන 8 ට විදුහල ඉදිරිපිටින් අරම්භ වි කොළඹ හලාවත මාර්ගයේ කටුණේරිය දක්වා ගමන්කොට නැවත විදුහල ඉදිරියෙන් අවසන් වන බව සංවිධායක මණ්ඩලය පැවසීය එමෙන්ම එදින 10 වන සෙනසුරාදා රාත්‍රියේ වාසියන්ස් නයිට් භාතිය සන්තුෂ් සමග විදුහලේ ආදි ශිශ්‍යන් වන හෙක්ටර් ඩයස්, ශිවන්ත ප්‍රනාන්දු, ඩේමියන් ප්‍රනාන්දු සහභාගිවන ෆ්ලැෂ් බැක් සංගීතයත් සමග සංගීත සංදර්ශනය විදුහල් ක්‍රිඩා පිටියේදි පැවැත්වෙන බව සංවිධායක කමිටුව පැවසිය මෙය හුදෙක් පෞද්ගලික අවශ්‍යතාවන්ට නොව වර්තමාණ හා අනාගත පාසැලේ සිසු දරුවන්ගේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවට හා ජාතික වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ලෙස ඉදිවන මෙම ගෘහස්ත ක්‍රිඩාගාරයේ වැඩ කටයුතු නිමා කිරිමට සිදු කරන මෙම අවස්ථාවන්ට සහභාගි වි සහයෝගය ලබාදෙන ලෙස ආදි සිසුන්ගෙන් හා ප්‍රදේශවාසි සැමගෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටි