වාහන 500 කට පහර දුන් සිතුල්පව්වේ කපිල ..

0
681

24 වන දා උදේ 9 30ට පමණ ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට කතරගම දෙස සිට ගිය බස් රථයකට දළ ඇතෙකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලුම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ

wp 1682557221523

ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇතැයි සිතුල්පව්ව පොලිස් මුරපොලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මේ සම්බන්ධව සිතුල්ව්ව රජ මහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් මාධ්‍ය වෙත කල පවසා තිබුනේ ” ඔය කියන සිද්ධිය සත්‍ය බවත් මේ කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප්‍රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවත්ය.

මෙම ඇතා මෙම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස අදාල අංශ වෙත ලිපි මගින් හා වාචික වසර ගණනාවක් සිට ඉල්ලුම් කලත් මෙතෙක් පලක් නොවු බව සිතුල් පව්ව විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවසීය.

මුලාශ්‍රය-ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here