වැටුප ගන්න යන්න බැරිව විශ්‍රාමිකයන් අසරණයි ?

0
251

විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා රටපුරා සියලුම විශ්‍රාමිකයන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා බැංකුවලට අද (10)කැඳවාගෙන යන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.
මේ සඳහා ලංගම බස් රථ යොදවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ කටයුත්ත ග්‍රාම නිළධාරි සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සම්බන්ධිකරණය කිරිමට නියමිත බවද සැලය.
තතු එසේ වුවද බොහෝ තැන්වලදි මේ කටයුුත්ත එලෙසින්ම සිදුව නොතිබිම නිසාම මහළු වයස් වල අය සිය නිවෙස්වලට වි අසරණව සිටින බවද වාර්තා වේ.
අතැමුන් නිවෙස්වලට වි සිටින්නේ හමුදාවෙන් එනවා යැයි කියා රජය කියා ඇති නිසාය.
එහෙත් ඒ සම්බන්ධිකරණ වගකිම් ගැන ග්‍රාම නිළධාරින්වද නිසි පරිදි දැනුවත් කර නැතැයිද වාර්තා වේ.
විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම කාඩ් පත් අවසර පතක් සේ යෙදාගෙන බැංකුවට යාමට හැකි වුවද ඇතැම් විට ඒ සදහා පුද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනිමද අතැම් ප්‍රදේශවල ගැටළුවක් ව පවති
බැංකු සේවා හෙට දිනයටද මේ වෙනුවෙන් ක්‍රියාත්මකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here