වැඩකරන වේලාවේදි මැර ප්‍රහාරයට සම්බන්ධවු සේවකයා ගැන පොලිස් විමර්ශන ඇරඹේ ?

0
67
????????????????????????????????????

????????????????????????????????????

මීගමුව මහනගර සභා පරිශ්‍රය තුලදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට ප්‍රහාරය එල්ල කරන ලද තැනැන්තා එසේ කරඇත්තේ සිය සේවා මුර කාලය තුලදිම යැයි අප මීට කලින් වාර්තා කළෙමු.
එනම් ඔහු එසේ සිදුකර ඇත්තේ 6-2 සේවා මුරය සදහා පැමිණ අත්සන් කිරිමෙනුත් අනතුරුවය.
මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් පරික්ෂණයක්ද ක්‍රියාත්මක බව නගර සභා ආරංචි මාර්ග තහවුරු කර සිටි.
පුංචි රෝමය යැයි විරුදාවලිය ලැබ සිටි මීගමුව නගරය දැන් චිකාගෝවක් යැයි වරක් කියා සිටියේ මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ වත්මන් යහපාලන ඇමති නිමල් ලංසා මහතාම විසිනි.
මීගමුව මහනගර සභාවේ සේවයකයෙක්  සිය සේවා මුරකාලය තුලදිම නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මීගමුව මහසභා රැස්විම වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ඝාතනය කිරිම අරමුණු කොටගෙන අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහනගර සභාවේ විශේෂිතම දිනය වු මහසභා රැස්විම පැවැත්වෙමින් තිබියදි පැමිණ මහදවල් පොලු ප්‍රහාරයක් එල්ල කිරිම යනු චිකාගෝ පන්නයේම වැඩකි.
ඒ සදහා යොදාගත් යතුරු පැදියද මහනගර සභාවටම අයත් එකක් නම් තත්වය තවත් අගනේය.
මේ සියළු අතිභායනක තත්වයන් මෙසේ සිදුවෙද්දි මීගමුව නගරාධිපති ඇනටනි ජයවීර තවමත් නිහඩය.
නිමල් ලංසා වරක් හරියටම කි පරිදි මීගමුව අද චිකාගෝවකි.