වැඩි ගණන් අයකරලා හමාරයි ! මීගමුවේ ත්‍රිරෝද රථවලටත් මිටර් අනිවාර්යයි !

0
112

3weel( 6.45 am )මීගමුවේ  ඇතැම් ත්‍රිරෝථ රියදුරන් විසින් හිතු ගණන් අයකරමින් මගින් අපහසුවට පත්කරවන බවට විවිධ අවස්ථාවල පැමිණිලි ලැබෙමින් පවති.
මේ සම්බන්ධයෙන් මිටර් සවිකිරිම විසදුම් නොවේදැයි අප ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විමසා සිටියදි ඔවුන් එයට වැඩිකැමැත්තක් දක්වන බවක් නොපෙනුණි.
ඔවුන් කියා සිටින්නේ එය කොළඹට නම් ගැලපෙන බවය.
එහෙත් දැන් කොළඹ මිගමුව කියා වෙනසකින් තොරව අප්‍රේල් මස 21 දා සිට ලංකාවේ සියළුම ත්‍රිරෝද  රථ මෙසේ මිටර් සවිකිරිම අනිවාර්ය කරන දැනටමත් සම්මතව ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිමට නියමිතය.
පසුගිය සැප්තැම්බර් 01 වෙනිදා සම්මත වු මේ ගැසට් පත්‍රය ක්‍රියාත්මත කිරිම අප්‍රේල් 01 වෙනිදා දක්වා සහන කාලයක් ලබාදෙමින් නිතිය ක්‍රියාත්මකවිම අත්හිටුවා තිබුණි.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටින්නේ මගින් ප්‍රවාහනය සදහා යොදාගන්නා ලංකාවේ සෑම ත්‍රිරෝථ රථයක්ම මෙසේ ප්‍රමිතියෙන් යුත් මිටරයක් සවිකළ යුතු බවත් එහි සේවාව ලබන මගියා වෙත බිල්පතක් නිකුත් කිරිමද අනිවාර්ය බවත්ය.