වැඩි මිලට තිරිගු පිටි අලෙවි කල වෙළදුන් 100ක් අත්අඩංගුවට

0
265

පාලන මිලට වඩා වැඩිමිලට තිරිඟුපිටි අලෙවි කරන වෙළෙදුන් සොයා ඊයේ (8) පෙරේදා (7) දීප ව්‍යාප්තව සිදුකළ වෙළඳපොළ වැටලීමකදී තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිඟු පිටි කිලෝව මෙම වෙළෙදුන් රුපියල් 90, 95 සහ 100 මිලට විකුණාඇති බව වාර්තා වෙයි.

Wheat-Flour