වැඩ නිමනොකළ වහලෙට මුදල් අනුමත කළ දුෂිත නිළධාරින්ට දඬුවම් කෝ ?

0
187

කාමච්චෝඩේ ඉදිකරමින් පවතින තට්ටු  ගොඩනැගිල්ලක වහලයේ වැඩකටයුතු නිම නොකර තිබියදි, වැඩනිමකර ඇති බවට සහතික දෙමින් කොන්ත්‍රාත්කරුවන් හට මුදල් ගෙවිමට කටයුතු කළ දුෂිත නිළධාරින්ට එරෙහිව අදාල බලධාරින් නිසි ලෙසින් කටයුතු කල යුතුව තිබේ.

ජනාධිපතිවරණයට කලින් සිදුව තිබුන මෙම දුෂිත ගණුදෙනුවට හිටපු කොමසාරිස්වරයා මෙන්ම ඉජිනේරුවරයා මෙන්ම තවත් අය වගකිව යුතුබවට නගර සභා සේවකයෝ චෝදනා කර සිටිති.

මෙම කඩිමුඩි මුදල් ගෙවිම හේතුවෙන් මිගමු නගර සභා සේවකයන්ට සැප්තැම්බර් මස වැටුපද නියමිත දිනට ගෙවිමට අදාල බලධාරින් අපොහොසත්ව තිබේ

මෙම ගොඩනැගිල්ලේ උප  කොන්ත්‍රාත්තුව භාරව සිටියේ ලංසා පවුලේ කුප්‍රකට හෙන්චයියෙකු බවද කියැවේ.