මීගමුව මහ නගර සභාවේ මහසභා රැස්විම අද දින තරමක් උණසුම්ය. එයට හේතු ගණනාවකි.මීගමුව මහ නගර සභාවේ ඇත්ත විපක්ෂ නායක කව්ද යන්න මෙහිදි මතුවු එක් කරුණකි.මුදල් වංචාවක් පිළිබද චෝදනාවක් මත බන්ධනාගාරගතව සිටි විපක්ෂ නායක රොයිස් විජිත මහතා මහසභාව නියෝජනය නොකරන සමය තුල එකි ධුරය හෙබවිම සදහා තාවකාලික අවසරයක් කැලිසන් ජයකොඩි මන්ත්රිවරයා වෙත එජාප ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ලිඛිතව ලබා දි තිබුණි.
ඒ අනුව රොයිස් විජිත මහතා මහසභාව නියෝජනය කිරිම ආරම්භ කිරිමත් සමග විපක්ෂ නායකධුරය ඔහුට හිමි විය යුතුය.
මේ ගැන අද පැවැති මහතා සභාවේ අවධාරණය කරමින් අදහස් ඉදිරිපත් කළ විපක්ෂ මන්ත්රි රවි ජිවානන්ද පවසා සිටියේ මේ සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා බවය.ඔහුට අනුව මෙතෙක් තාවකාලික විපක්ෂ නායක ලෙසින් සිටි කැලිසන් ජයකොඩිගේ නිලය දැන් අවසන්ය යන අදහසද ඉගිකලේය