”වැඬේ අනාගත්තු හන්දයි මේ අඩුපාඩු පෙන්වා දුන්නේ. ” – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

0
103

 

මීගමුව මහා නගර සභාවේ 2012 අගෝස්තු මස මහා රැස්වීම අගෝස්තු මස 08 වැනි දින පෙරවරුවේදී පැවැත්විණි. එහිදී දැනට වසා දමා ඇති මීගමුව රාජපක්ෂ උද්‍යානය සම්බන්ධයෙන් විපක්ෂයේ රොයිස් විජිත ප‍්‍රනාන්දු නාගරික මංති‍්‍රවරයා විසින් මහා සභාවට යෝජනාවක් ගෙන එන ලදී.

එම යෝජනාව පරිදි මීගමුව මහා නගර සභාව විසින් මෙම උද්‍යානය තීන් පාර්ක් එනටර්ටේට්මන්ට් ආයතනයට බදු දී ඇති අතර එම බදු කොන්දේසි වලට පටහැනිව වෙනත් ආයතනයකට අතුරු බද්ධක් යටතේ පවරා ඇත. එහෙත් සභාවේ නිලධාරීන් ඒ කිසිවක් නොදන්නා ලෙස කටයුතු කරන බවද එම යෝජනාවේ සදහන්ය. එලෙසම එම බදු ගැනුම්කරු මාස 05 කට අධික කාලයක් වාරික මුදල් නොගෙවීම මත උද්‍යානය අතහැර දමා තිබේ. එහිදී බදු දීමනාකාර නගර සභාවට එම ආලාභයන් ආවරණය කර ගැනීමට බැංකු ඇප කරයක් හෝ මුදල් ඇපයක් ලබා ගත යුතුව තිබුනු අතර දෙපාර්ශවය එවැනි ඇපකරයක් තබන්නට ගිවිසුම් ගතව ද තිබිණි. එහෙත් වගකිව යුතු නිලධාරීන් ගිවිසුම් ගත එම ඇපකරය ලබා නොගැනීම මත අති මහත් පාඩුවක් සිදු වී ඇති බවද එම යෝජනාවෙන් සදහන්ය.

එම බදු ගැනුම්කරු විසින් ගෙවිය යුතු මුදල් සහ එම භුමිය නීත්‍යානුකූලව ලබා ගැනීම වෙනුවෙන් මහා නගර සභාව විසින් මේ වන විටත් නඩු පවරා තිබේ. එලෙසම මහා නගර සභාවට විරුද්ධව මේ වන විටත් අතුරු බදුකරු විසින් උද්‍යානයේ ඇති බඩුබාහිරාදිය ඉල්ලා නඩු පවරා ඇතැයි දැන ගන්නට ලැබී ඇති බවද මෙම යෝජනාවේ ස`දහන් වේ. නීතිඥ ගාස්තු වශයෙන් විශාල මුදලක්ද, උද්‍යානයේ තිබෙන අතුරු බදු කරුගේ බඩුබාහිරාදිය ආරක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට දිනකට එක් අයෙකුට රු. 531.20 මුදලක් බැගින් මසකට රු. 130000 ක මුදලක්ද ඒ අනුව වසරකට රු. 1500000 කට අධික මුදලක් ද නාස්ති වන බවද එහි සදහන්ය. ඒ අනුව මෙම යෝජනාවේ වැඩි දුරටත් සදහන් වන්නේ මෙම උද්‍යානය බදු දුන් දා සිට අද දක්වා රු.6216000 වැය වී ඇති බවට දැනගන්නට ලැබී ඇති බවයි. මෙවන් තත්වයක් තුල සිදු වන විගණන විමසුමකදී නාගරික මංතී‍්‍රවරුන් සියඵ දෙනාට මේ සදහා පිලිතුරු බැදීමට සිදු වන බව ද මෙහි සදහන් අතර යෝජනාව අවසානයේ ඉල්ලා සිටින්නේ මෙම උද්‍යානය සම්බන්ධයෙන් පවත්නා ආරවුල් විසදා ගන්නාතුරු කිසිදු මහජන මුදලක් මෙම උද්‍යානය සම්බන්ධයෙන් වැය නොකල යුතු බවයි.

 

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් රෝයිස් විජිත ප‍්‍රනාන්දු මංති‍්‍රවරයා වැඩි දුරටත් අදහස් දැක්වීය.

 

විපක්ෂ නාගරික මංතී‍්‍ර රෝයිස් විජිත ප‍්‍රනාන්දු -.

මේ උද්‍යානය 2009 මැයි මාසේ 29 දා අපේ සභාවට අපි නැවත පවරා ගත්තා .අපේ සභායෙන් මේක බදු දුන්නේ තීන් පාර්ක් එන්ටර්ටේට්මන්ට් ආයතනයට .නමුත් මේ වෙද්දී අතුරු බදුකරු වශයෙන් පී.ජී. මාර්ටින් ආයතනය මේ ගැන අධිකරනයට ගිහිල්ලා තියෙනවා, නගර සභාවෙන් එයාලාට වුන පාඩුව පියවා ගැනීමට මුදල් අයකර ගැනීමට .විශේෂයෙන් එයාලාගේ ඉකුයිප්මන්ට් වලට වන්දි ලෙස මිලියන 35 ක් ඒ වාගේම බැංකු පොලිය වෙනුවෙන් තවත් මිලියන 35 ක්, මොකද ඒ අය ඞී.එෆ්.සී.සී. බැංකුවෙන් නය අරගෙන තමයි මේකට වියදම් කරලා තියෙන්නේ කියලයි කියන්නේ . මහාධිකරණයෙන් මෙය මුල්‍යමය කරුණක් සම්බන්ධ සිද්ධියක් නිසා එය වානිජ මහාධිකරණයට මාරුකර හරින්න කියලා ප‍්‍රකාශයක් කරලා තියෙනවා. එවන් තත්වයක් තුල මේ ගිවිසුම සම්බන්ධයෙන් අපිට ප‍්‍රශ්ණයක් තියෙන්නේ පී.ජී. මාර්ටින් ආයතනය එක්ක නෙමෙයි තීන් පාර්ක් එන්ටර්ටේට්මන්ට් ආයතනය සමග විතරයි කියන්න මේ නගර සභාවේ නිලධාරීන්ට ප‍්‍රකාශ කරන්න බැහැ.

මේ බදු ගිවිසුම අනුව චිල්ඞ්රන් පාර්ක් කොටස අක්කර 06 රූඞ් 09 ක් පමන අයත් වෙනවා. අද මේක මහා අවුලක් බවට පත් වී තිබෙනවා. හිටපු නගරාධිපතිතුමත් ව්‍යංගයෙන් පිලිගත්තා, මෙහි විසදාගත නොහැකි අවුලක් තියෙනවා කියලා. වෙනත් විපක්ෂයක් තිබුනා නම් මේ ප‍්‍රශ්නේ  ආන්ඩු පක්ෂය හක්කේ තියලා සෙම අරිනවා නමුත් අපි එහෙම පෞද්ගලිකත්වය මත කටයුතු නොකර මීගමු ජනතාව ගැන හිතලා තමයි මේ සදහා කටයුතු කලේ. අනෙක තමයි මේකේ ආරක්ෂක වියදම. නගර සභාවෙන් 08 දෙනෙකුට මුදල් ගෙවනවා. මම මේ දවසක ? එතෙන්ට ගිහින් එතන හිටිය ආරක්ෂක නිලධාරියාගෙන් ඇහැව්වා, ඔයා විතරද ඉන්නේ කියලා, නෑ තව එක්කෙනෙක් ඉන්නවා කිව්වා. එයාව අවශ්‍ය වුනොත් ගෙන්න ගන්න පුඵවන්ද කියලා අහපුවාහම ඔහු මට පුඵවන් කිව්වා. මම කිව්වා එහෙනම් අනෙක් කෙනාව ගෙන්නන්න කියලා. එතකොට ඔහු ඇඹෙරෙනවා ඉතින් බලාගෙන ගියාම 08 දෙනෙක් ඉන්න විදිහට පොතේ අත්සන් කරනවා. නමුත් ඉන්නේ එක්කෙනයි . ඔහුට මොකක් හරි වුනොත් අපිට ඒකටත් වගකියන්න වෙයි. ඉතින් අපි 08 දෙනෙකුට ගෙවනවා. මේ දක්වා ආරක්ෂක වියදම් මිලියන 05 ක් පමන ගෙවලා තියෙනවා. එදා තිබුණ මල් උද්‍යානය තිබුනා නම් මාසෙකට රු.75000 ක් 100000 ක් විතර ආදායමකුත් අපිට ලැබෙනවා. නමුත් දැන් ඒකත් අපිට නැතිවෙලා ගිහින්. ඒහෙම අපිට ආදායමත් අහිමි වෙද්දී තමයි පී.ජී. මාර්ටින් ලා මිලියන 210 ක් වන්දි ඉල්ලලා නඩු දාලා තියෙන්නේ . ඒවාගේම බැංකු ඇපකරයක් නොගත්තු එකට ගණකාධිකාරිතුමා හෝ තුමිය වගකියන්න  ඕනේ. විහාර මහා දේවි, පෙරාදෙනිය, ගම්පහ වාගේ උද්‍යාන වලින් පසුව තියෙන මේ උද්‍යානය මේ වෙද්දී අවුරුදු 05 ක් 06 ක් වසා දාලා .

 

මෙහිදී නැගී සිටි ආන්ඩු පක්ෂයේ සුනිල් සිල්වා මංතී‍්‍රවරයා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙහි පවතින නීතිමය තත්වය පිලිබදව නගර සභාවේ නීති නිලධාරිනියගෙන් ප‍්‍රකාශයක් ලබා ගතයුතු බවයි. ඒ නිසා මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී ඇයට ප‍්‍රකාශයක් සිදු කිරීමට නොහැකි නිසා එම අවස්ථාව කාරක සභා අවස්ථාවක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලද අතර පසුව නගර සභා නීති නිලධාරිනිය ප‍්‍රකාශයක් කරන ලදී.

 

නගර සභා නීති නිලධාරිනිය-.

මෙම උද්‍යානය සම්බන්ධයෙන් මහා නගර සභාව ගිවිසුම් ගතව ඇත්තේ තීන් පාර්ක් එන්ටර්ටේමන්ට් ආයතනය සමගයි. මෙම ගිවිසුමේ පී.ජී.මාර්ටින් සමාගමට ලබා දුන් බවට සාක්ෂියක් නැහැ. ලක්ෂ 44 ක හිග මුදල් ලබා ගැනීම වෙනුවෙන් තමයි අපි තීන් පාර්ක් එන්ටර්ටේට්මන්ටි ආයතනයට එරෙහිව අධිකරනයට ගියේ. මෙහි චිල්ඩිරන් පාර්ක් කොටස හැර අනෙක් කොටස් සංවර්ධනය කිරීමට නීතිමය වශයෙන් බාධාවක් නැහැ.

 

( කාරක සභා අවස්ථාව අවසන් කර  මහා සභා අවස්ථාවට නැවත පත් කල බව ප‍්‍රකාශ කරන ලදී . )

 

 ආන්ඩු පක්ෂ මංති‍්‍ර සුනිල් සිල්වා-.

හිග මුදල් ලබා ගැනීමට ඇති ගැටඵවට අඩුපාඩු 02 ක් බලපාලා තියෙනවා. ඒවාගේම ඇපකරයක් ලබා ගත නොහැකිවීම විශාල ගැටඵවක්. මෙම උද්‍යානය තුල ලස්සන මල් පාර්ක් එකක් දාලා, පැඞ්ලින් බෝට්ටු දාලා ඒ සදහා උද්‍යානය තුල ඇල මාර්ගයක් හදලා මෙහි මීගමුවේ ජනතාවට විශේෂයෙන්ම කුඩා දරුවන්ට විනෝදයෙන් ගත කරන්න පුඵවන් වෙන විදිහට මෙය සකස් කරන්න නිමල් ලාංසා අමාත්‍යතුමා හරහා අපිට මුදල් ලැබෙන මොහොතක තමයි මේ අධිකරණ ගැටඵවක් පැන නැගුනේ.නිමල් ලාංසා අමැතිතුමා එවකට නගරාධිපතිවරයාව සිටිද්දී මේ උද්‍යානය වඩාත් ලසන්න දියුණු උද්‍යානයක් කරන්න හිතා ගෙන සද් භාවයෙන් මෙය බදු  දෙන්න ඇති. නමුත් ඒ ඒ කාලෙට හොදයි කියා සිතෙන යම් තීන්දු තිරණ පසු කාලයේදී යම් ආකාරයකට සාර්ථක නොවෙන්න පුඵවන්.

අපේ රටේ සමහර නායකයන් ගත්තු තීරණයන් නිසා 71 කැරැල්ලේදී, එල්.ටී.ටී.ඊ. ප‍්‍රශ්නයේදී මොනතරම් තරුණ ජීවිත අහිමි වුනාද ?. මේවා ආරක්ෂා කරන්න දැන් අපිට ආරක්ෂක නිලධාරියෝ දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවාට මුදල් වැය වෙනවා. එහෙම නැතිව මේවා ආරක්ෂා කරන්න අපිට හැකිද?

එහෙම පුඵවන් නම් කරමු. අපි මංති‍්‍රවරු ඒ වෙලාවල් බෙදා වෙන් කර ගෙන ඒ ආරක්ෂක නිලධාරීන් කරන වැඬේ අපි කරමුද. එහෙම කවුරුවත් නැහැනේ. ඒ මෙහොතේ හොදම තීන්දු තීරණ ලෙස ගත්තුවා පසු කාලයේදී සාර්ථක නොවෙන්න පුඵවන්. ඉතින් ඒක නිසා මේ උද්‍යානයේ ප‍්‍රශ්නය හැම දාම මෙතනට ඇවිත් පට්ට ගහලා තේරුමක් නැහැ. අපි කොහොම හරි මේක නිදහස් කරගන්න ඉහල නීති උපදෙස් අරගෙන මේ ප‍්‍රහ්ණය ඉවරකර ගෙන මේත සංවර්ධනය කරලා, මීගමුවේ දුවා දරුවන්ට මේක ඉක්මනින් විවෘත කර දෙමුයි කියලා ඉල්ලීමක් කරනවා.

 

විපක්ෂ නාගරික මංතී‍්‍ර වෛද්‍ය හෙන්රි රෝසාරියෝ-. 

රු.ලක්ෂ 15 ගානේ වසරකට වියදම් කරනවා . නමුත් අපි නඩු දාලා තියෙන්නේ  ලක්ෂ 40ක් 50 ක් අය කර ගන්න මම යෝජනා කරන්නේ ආරක්ෂ වියදම් වැය නොකර ඒ උද්‍යානයේ තියෙන ඔය ආරක්ෂකයින් යොදා ආරක්ෂා කරන ඒ සෙල්ලම් බඩු ටික මේ නගර සභාවට ගෙනත් මෙහි තියෙන ගබඩා වලට දාලා ඒවා මෙහේදී ආරක්ෂා කෙරුවොත් ඒ ආරක්ෂිත මුදල් වලට යන වියදම් ඉතුරු කර ගත හැකියි.

 

  ආන්ඩු පක්ෂ මංති‍්‍ර සේපාල මොරවක-. විපක්ෂයටත් කුමක් හෝ කුණු ගොඩක් සොයා ගන්න  ඕනේ. අපි මේක රම්‍ය නගරයක් කරන්න හිතාගෙන තමයි මේ රාජපක්ෂ උද්‍යානය සංවර්ධනය කරන්න අවශ්‍ය වුනේ. මෙහි යම් වැරැද්දක් වෙලා තියෙනවා තමයි. බැංකු ඇපකරයක් ලබා නොගැනීම .අද මේ ප‍්‍රශ්නය නඩු මාර්ගයට ගිහිල්ලා තිනෙවා.   පලාත් සභාවෙන් මේ උද්‍යානය සංවර්ධනය කරන්න  ලක්ෂ 600 ක් පමන ලබා දීමට නියමිතයි. ඉතින් අපි ඒ මුදල් ලබා ගෙන මේ උද්‍යානය සංවර්ධනය කිඍිම පටන් ගමු, ඒ සදහා විපක්ෂයටත් සද් භාවයෙන් යුතුව එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

 

උප නගරාධිපති මොහොමඞ් සකාවුල්ලා-.

මමත් එදා අත උස්සලා මේ උද්‍යානය බදු දීමේදී සහයෝගය දුන්නා. අපි මේ කටයුත්තට සහය දුන්නේ යම් සද් භාවයකින් . රාජපක්ෂ මැති`දුන් මේ ඉඩම ලබා දුන්නේ සද් භාවයෙන් අපි ගන්න තීන්දු තීරන නිලධාරීන් නොගන්න නිසා තමයි මේ වැරදි සිදු වී තිබෙන්නේ . ඒ නිසයි අපිට අද නඩු මාර්ග වලට යන්න සිදු වෙලා තියෙන්නේ. අද මේ ගිවිසුම අනුව පවරලා තියෙන භූමි ප‍්‍රමානය ගැන අපිට හරියට දන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ උද්‍යානය සංවර්ධනය කරන්න ලැබෙන සල්ලි ලක්ෂ ගනනක් වියදම් කරලා පසුව කවදා හරි අධිකරණයෙන් තීන්දු කෙරුවොත් මෙහි මුදල පියවා ගන්න කාලයකට තීන් පාර්ක් එන්ටර්ටේට්මන්ටිලාට දෙන්න කරන්න  කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිසි විස`දුමක් අවශ්‍යයි කියලයි මම හිතන්නේ.

 

විපක්ෂ නාගරික මංතී‍්‍ර  කැලිසන් ජයකොඩි-.

දැන් මේ තත්වය බලන් ගියහම නගර සභාවට අයවිය යුතු වාරික අයකරගන්න අධිකරණයට ගියමහම සිදු වෙලා තියෙන්නේ පැමිණිල්ල බවට පත් වුණ මහා නගර සභාව අද වන විට විත්තිය බවට පත් වෙලා තියෙනවා. මෙහිදී පී.ජී.මාර්ටින්ලා නගර සභාවත් එක්ක ගිවිසුම් ගහලා නැහැ කියලා නීති නිලධාරිනිය කියනවා. ඒක නිසා නීති නිළදාරීනී තුමියගෙන් ඉල්ලා සිටිනවා ඉදිරි නඩු වාර පැවැත්වෙන දින අපටත් කියන්න අපිටත් හැකියාව තියෙන විදිහට ඒවාට සහභාගී වෙන්නම්. එදා නියපොත්තෙන් කඩන්න තිබුණ ප‍්‍රහ්ණයක් තමයි අද මේ වෙද්දී පොරවෙන් කපන්න වෙලා තියෙන්නේ. රාජපක්ෂ මැතිතුමා අපට විශේෂයෙන්ම අපේ දරුවන්ට මේ උද්‍යානය ලබා දුන්නේ  සද් භාවයෙන්.  එතුමාගේ අදහස් වලට පටහැනිව කටයුතු සිදු වෙනවා නම් අපි ඒ ගැන ලැජ්ජා විය යුතුයි.

 

විපක්ෂ නාගරික මංතී‍්‍ර  ගිහාන් ප‍්‍රනාන්දු-. මීගමුව රම්‍ය නගරයක් කරන්න මේ උද්‍යානය සංවර්ධනය වෙනවාට අපි විරුද්ධ නැහැ. අපි කැමතියි. නමුත් ඒක අදටත් වහලා දාලා.

 

නගරාධිපති ඇන්ටනී ජයවීර-. 

ලක්ෂ 40 ක මුදලක් නගර සභාවට අයවිය යුතුයි. බැංකු ඇපකරයක් නොතැබීම අපට අද ප‍්‍රහ්ණයක් වෙලා තියෙනවා. මේකෙන් නගර සභාව ගොඩ යන්නේ කොහොමද කියලයි අපි දැන් කල්පනා කරන්න  ඕනේ. ලක්ෂ 550 ක් නිමල් ලාංසා අමාත්‍යවරයා හරහා මේ උද්‍යානය සංවර්ධනය කරන්න ලැබෙන්න තියෙන වෙලාවක් මේක. මම දන්න විදිහට දෙවැනි පාර්ශවය මේකට අපිට නඩු දාලා නැහැ. දෙවැනි පාර්ශවයට විශාල පාඩුවක් වෙලා තියෙනවා. හිටපු නගරාධිාපති හර්මන් කුරේරා මහතාට ලෙහෙසියෙන් විසදා ගැනීමට ඒ කාලයේදී යම් හැකියාවක් තිබූනා. නමුත් ඒක සිදු වුනේ නැහැ. එක්කේ අපි මේ අපි ඉල්ලා සිටින හිග වාරික ඉල්ලා නොසිටිය යුතුයි. මොකද මේ ආදායම අපිට ලැබෙන්න තියෙන දෙයක් මිස අපෙන් අයවෙන දෙයක් නොවෙයි. එහෙම ඒ මුදල නොයිල්ලා ඒ මත මෙය සමථයකට පත් කර ගන්නට හැකි දැයි බැලිය යුතුයි. ඒක නිසා අපි මේක සද් භාවයෙන් විස`දගමු.

 

විපක්ෂ නාගරික මංතී‍්‍ර රෝයිස් විජිත ප‍්‍රනාන්දු -.

රාජපක්ෂ උද්‍යානය ගැන සුනිල් සිල්වා සහසේපාල මොරවක මංතී‍්‍රතුමලා ඒක ඉතා සුළුවට තකා කල කථාව ගැන මම කනගාටු වෙනවා. මේකේ වැරැද්දක් සිදු වී ඇති බවට පිලිගැනීම ගැන නගරාධිපතිතුමාට ස්තූතිය පල කරනවා. මෙය අපේ නගර සභාව සතු වටිනාම සම්පතක් ලෙසයි මා දකින්නේ. අපි එදා මේක බදු දෙන්න ඉල්ලා සිටපු අවස්ථාවේ අත උස්සලා මේකට සහයෝගය දුන්නා තමයි, හැබැයි එදා ඒ ගිවිසුමේ තිබුනා අතුරු බදු දෙන්න බැහැ. ඇපකරයක් තියා ගන්න  ඕනේ කියලා . නමුත් අද ඒවා එකක් වත් නැහැ. වැඬේ අනාගත්තු හන්දයි මේ අඩුපාඩු පෙන්වා දුන්නේ. මේවා නිවැරදි කර ගන්න. අද මේ උද්‍යානයට පලාත් සභාවෙන් මුදල් ඇවිත් නිසා මේ තියෙන උනන්දුව මීට මාස 06 කට විතර කලින් තිබුනා නම් මෙහෙම ප‍්‍රහ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මෙතුමා කියාපු විදිහට (සකාවුල්ලා උප නගරාධිපතිවරයා) අධිකරණයේ විශ්ලේෂනයක් කරගෙන මේ මුදල් වියදම් කල යුතුයි. අද මේ වෙද්දී පී.ජී.මාර්ටින්ලා රුපියල් මිලියන 210 ක් වන්දි ඉල්ලලා නඩු දාලා තියෙනවා. ඒක නිසා මේ අවුල් වියවුල් ගතිය ඉක්මනින් විස`දා ගත යුතු ව තියෙනවා.