වැදූ අම්මා සොයා වෙහෙසෙන දරුවන්ගේ කඳුළු කතාව. !

0
110

pexels-photo-256807

විවිධ මාර්ග වලින් අපේ රටේ කිරි දරුවන් විදේශයන්ට රැගෙන යති. ඔවුන් දරුවන් ලෙස හදාගන්නා නමුත් තමන්ගේ සැබෑ අම්මා පිළිබඳව හැඟීම තම හිතට නැගෙනවිට දරාගත නොහැකි දුක නිසා තමා වැදූ අම්මා සොයාගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරති . මෙම තත්වය අදවනවිට සංකීර්ණ ප්‍රශ්ණයක් බවට පත්වී ඇත . එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම සංවේදී ප්‍රශ්ණය අද ජාවාරමක් බවට පෙරලා ගැනීමට සමහර අයට හැකියාවක් ලැබීමයි.
මේ ගැන යම් අධ්‍යයනයක් සහ අත්දැකීම් සමුදායක් ඇති විශේෂ පුද්ගලයෙකු අපට මුනගැසුනු අතර ඔහු සමඟ කරන ලද සාකච්ඡාව ඉතා ඵලදායී එකක් විය.
ඔහු නමින් ඇන්ඩෲ සිල්වාය. සැබෑ මව සොයා වෙහෙසෙන දරුවන් විශාල සංඛ්‍යාවක් අද ඔහු හමුවීමට පැමිණෙති . ඒ ඔහු එම කටයුත්ත සඳහා මැදිහත්වී සිදු කරන අවංක මෙහෙවර නිසාය .
මෙම අම්මලා සහ දරුවන්ගේ කතාව වරෙක දුක්බරය, වරෙක අදහාගත නොහැකි
පුද්ගල මැදිහත් වීමකි, සමහර දරුවන් රැගෙන ගොස් ඇත්තේ බොරුවෙන් සහ වංචාවෙන් මුදල් ගරා ගැනීමේ පරමාර්ථයෙනි. තම දරුවන් තමන් සොයා වෙහෙසෙන බව සමහර අම්මලා නොදනී.
තවත් අවස්ථාවක වැදූ මවගේ වෙස් ගත් ⁣ ව්‍යාජ අම්මලා නිර්මාණය කර සමහරු මුදල් සෙවීමට කටයුතු කරති . එබැවින් DNA පරීක්ෂණයක් සිදුකර සැබෑ අම්මා සොයා ගැනීමට හැකියාව තිබෙන අතර මේසඳහා යුරෝපීය රටවල එසේ රැගෙන ගිය දරුවන් සංවිධානාත්මකව මෙම DNA පරීක්ෂණය සඳහා මුදල් වැය කිරීමට ඉදිරිපත් වෙති.( මේ සඳහා ලංකා මුදලින් රු. 18000/ ක් පමණ වැයවේ)
තවත් සමහරු මෙම තොරතුරු එක්රැස් කර පොත් ලියා පලකර මුදල් හම්බකිරීමේ ජාවාරමක නියැලී සිටිති .