වැනල් 4

0
539

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලගේ ඇති සම්බන්ධතාවය ගැන ලොකු සංවාදයක් දැන් දකුණේ ඇතිවෙලා තියෙනව.

එංගලන්තයේ පත්තරයකුත් මේ ගැන ලියල තිබුනා.

wp 1693882289691

දකුණේ කතෝලික පල්ලියට සම්බන්ධ ෆේස් බුක් එකේ ක්‍රියාකාරි පියතුමන්ලාත් මේ ගැන දිගටම පොස්ට් දානව

කොහොම හරි වැඩේ කියන්නේ මේ චැනල් 4එකම රාජපක්ෂලා කරලා තිබුන අමානුෂික ඝාතන ගැන තිත්ත ඇත්ත හෙළිදරව් කලා

හැබැයි දකුණ බහුතරයක් ඒවා බොරු කියල තමයි කිව්වේ.

එදා දකුණේ කතෝලික පල්ලියත් මීක් කිව්වේ නෑ.

ආදරණියන් අහිමිවුන උතුරේ නැගෙනහිරත් ජනතාවට ඒ සියල්ල තනිවම දරාගන්න සිද්ධ වුනා.

මහේෂ් මුණසිංහ මේ ගැන එයාගේ ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් දාල තිබුනා.

Screenshot 20230905 070707

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජාතික ආරක්ෂාව හදන්න රට භාර ගන්නවා කියල ආපු අය ගැන කාර්දිනල් තුමා එදා කියපු දේවල් දැන් එයාටත් අමතකද මන්ද?

DSC 0471
DSC 9293

උදේ පාන්දරම ගිහින් ඡන්දය දාන්න ඕන විදිය ගැනත් එයා කිව්වනේ. මේ විදියට එදා රාජපක්ෂලව බලයට ගේන්න කියල සිංදු කියපු බයිල කියපු අයගේ අත්වල ඒ මැරිච්ච අහිංසකයන්ගේ ලේ තැවරිලා නැද්ද ?

wp 1693888241160

දැන් මරු .

අනික සිරිසේන.එයා සේනාධිනායකයා.එයා දැන් බබා.රාජපක්ෂලට ඕන දේවල් කරගන්න ඉඩ දිපු එකට එයා වගකියන්න ඕන නැද්ද.අඩුම තරමේ ජාතික ආරක්ෂාව ගැන තිබුන කවුන්සිලයට එවකට හිටපු අගමැති ඇතුලු ආදල අනික් අයව කැදැව්වෙවත් නෑ කියල සිරිසේනට වගේම කාර්දිනල් උන්නාන්සේටත් දැන් මතක නෑ.

රාජපක්ෂලට කඩේ ගිය මාධ්‍ය නඩේ ආයෙත් වලිගේ උස්සන්න පටන් අරන් කියල පේනේව එයාල චැනල 4ගැන කියන්න පටන් අරන් තියෙන කතා දැක්කම.

wp 1693879152096
wp 1693879187410

ඒ විතරක් නෙමේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය එහෙම දගලද්දි , හිට් පස්සේ යන විකල්ප යැයි කියාගන්න උත්සාහ කරන කථාකාරයෝත් දැන් මේකට අත තියල මොකද මේකත් දකුණේ විකුණගන්න පුලුවන් මාතෘකාවක් හින්ද …



මේ සේරම කරන්නේ බිස්නස් එකක් ..

wp 1693881127897

බලමුකෝ කාර්දිනල් උන්නාන්සේ ඊළඟට පල්ලියේ අල්තාරේ උඩට නැගල ආයෙත් කියන්නේ පාලම් කතාද නැත්නම් මීනිමරු රාජපක්ෂලා ගැනද කියල…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here