වැන්ල් 4 විඩියෝවේ වම කැමතිම කෑල්ල සහ අකමැති කෑල්ල

0
216

දේශපාලන උනන්දුවක් ඇති හැමෝම මේ වෙනකොට චැනල් 4 වාර්තා වැඩසටහන අනිවාර්යයෙන්ම බලල ඇති.

එහෙම දේශපාලන උනන්දුවක් තියෙන දකු⁣ණේ අතිබහුතරයකගේ අවධානය යොමුවුන කාරණේ තමයි පාස්කු ප්‍රහාරය.

කාර්දිනල් හිමියන් ඇතුළු දකුණේ කතෝලික සභාවත්, ප්‍රධාන වාමාංශික කඳවුරු දෙක ඇතුලු ඔවුන්ට පක්ෂපාති සිවිල් සමාජ කඳවුරත් වැඩියෙන්ම කැමති පාස්කු ප්‍රහාරය ගැන දකුණට කතා කරන්න තමයි.

පහුගිය දවසක පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන දුමින්ද නාගමුව කියල තිබුනේ පාස්කු ප්‍රහාරය වගේම IMF ආර්ථික ප්‍රහාරයද වැදගත් කියල.

ඒ කියන්නේ දස දහස් ගණනක් බිලිගත්තු උතුරේ සහ නැගෙනහිර දමිළ බස කතා කරන මිනිස්සුන්ගේ ජිවිත වැදගත් නෑ කියන එක. ඒ හින්දම තමයි පහුගිය කාලේ එයාලගේ ශිෂ්‍ය නායකයෝ අත්අඩංගුවට ගත්තම පාරවල් ගානේ ත්‍රස්ත පණතට විරුද්ධවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලත් උද්ඝෝෂණ කලේ.

දකුණේ විතරක් නෙමේ අපට මතකයි මඩකලපුවටත් ගිහින් සිංහ⁣ලෙන් සටන්පාඨ ලියල බැනර්දාල දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල උද්ඝෝෂණය කළා.

හැබැයි දුමින්ලගේ වාම කදවුරට වගේම එයාලේ ශිෂ්‍ය බල ඇණියටත් අමතකයි ඒ වෙනකොටත් අවුරුදු 15කට වඩා වැඩි කාලයක් හිරකරන් ඉන්න දමිළ දේශපාලන සිරකරුවෝ ගැන.

අපි අමතක නොකල යුතුයි මේ දවස්වල මුලතිව් වල සමුහ මිනිවලක කැණිම් සිදුවෙනවා.

එහි වලදාල තියෙන දරුවන්ගේ අම්මල කියල තිබුනේ තමන්ගේ දරුවන්ව එයාලගේම දෙපා යට වලදාල කියල..

දකුණේ මොන ආගමික නායකයද,මොන දේශපාලකයාද මේ ගැන වචනයක් කතා කලේ.

මොකද එයාලට තම අසල්වැසියාගේ කඳුළු,සහෝදරයාගේ දුක වැදගත් නෑ කියල ඉතිහාසය පුරාවට ඇති පදමට ඔප්පු කරල තියෙනව .

ඒ හින්දම තමයි දුමින්දල කම්කරුවෝ රැස්කරපු පළමු අවස්ථාවේ කිව්වේ අපිනම් ඉතින් පාස්කු ප්‍රහාරයයි IMF ආර්ථික ප්‍රහාරයයි ගැන විතරයි උනන්දු කියල..

මේ රට එදත්.බෙදුනේ මේ හින්ද දැනුත් බෙදිල තියෙන්නේ දකුණෙ මේ දැක්මයි භාවිතයයි හින්ද.

දකුණේ වම නම් මළාට දෙමළා ගැන මීක් කියන්නේ නෑ කියන හරිම පැහැදිලියි..

ඇත්තටම මෙයාලා වම කිව්වට ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව එයාලගේ දේශපාලන පදනම ගැන බැලුවාම එහෙම වාමාංශික හරයක් තියෙනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා.

මේ වාම කදවුරු දෙකට අනුබද්ධ වෙලා තියෙන වෘත්තීය සමිති අතරත් අපි දකින්නේ නෑ , දමිළ බස කතා කරන ජනතාවගේ ප්‍රශ්නය ගැන නිවරදි දැක්මත් තියෙනවද කියලා. එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා නම් තියෙන්නේ ජෝශප් ස්ටාලින්ගේ නායකත්වය ගත්තු ලංකා ගුරු සංගමයට පමණයි