වැල්ලවිදිය පල්ලියේ ලේලලම පාරිභෝගිකයන් ගසා කන හැටි ….

0
67
කුඩා ඉස්සන් කලවම් කර තිබෙන අයුරු....
කුඩා ඉස්සන් කලවම් කර තිබෙන අයුරු….

කිතුනු දහමේ ඉගැන්විම් වලට සපුරාම එරෙහිව යමින් සල්ලිවලට ඇති ගිජු කම නිසා කිතුණු ප්‍රතිපත්ති අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලකයන්ගේ උප්පරවැට්ටිවලට අසුවු වැල්ලවිදිය පල්ලිය මේ වන විට දිනපතා මීගමුවේ ජනයාගේ දෝෂදර්ෂණයට ලක්වෙමින් තිබේ.
ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ වැල්ලිවිදිය ශා.සෙබස්තියන් දෙව්මැදුරට අයත් මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු ලෙල්ලම තුල සහ ඉන් පිටත සිදුවෙමින් ඇති අනේකවිධ වු මගඩි වලින් එය පිරිතිබිමයි.
මාළු හොරට කිරිම
මෙහි ජනප්‍රියම හොරකම වි ඇත්තේ කිරුම් මිණුම් වලදි සිදුකරන ලබන ගසාකෑම්ය. අනිවාර්යෙන්ම ග්‍රැම් 300 කට ආසන්න ප්‍රමාණයක් හොරට කිරනු ලැබේ.පල්ලිය මැදිහත්විම නිසි බර සහිත තරාදි යෙදිමට පියවර ගත්තද එය ක්‍රියාත්මක වුයේ දින කිපයක් පමණි.
යළිත් පරණ හොර කිරිල්ලටම ලෙල්ලම නතුවිය.
මේ සදහා වෙළඳුන්ට පුර්ණ අනුග්‍රහය ලැබෙන්නේ දැනට ලෙල්ලම්  ටෙන්ඩරය ක්‍රියාත්මක කරවන මීගමුවේ ගෝඩ් පාදර් විසිනි.මේ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් ලෙල්ලමට කඩාපනින්ටද බියෙන් පසුවෙති.
පොලිසියද එසේමය.
කෙසේ වෙතත් මාළු කිලෝවකට මිළ ගෙවා පාරිහෝගිකයාට ලැබෙනුයේ ග්‍රැම් 750 කි.
මාළුන් ඇන්දවිම
මෙය ලෙල්ලමේ ක්‍රියාත්මක තවත් ජනප්‍රි මගඩියකි.විශෙෂයෙන්ම සාලයන් හුරුල්ලන් වැනි කුඩා මාළුන්ටය.තැලුන සහ කැඩනු මාළුන් යටින් තබා අළුත්ම පෙනුමෙන් යුත් මාළු උඩින් තබා අලෙවි කරනු ලබන මේ මගඩිය වෙළඳුන් හදුන්වනු ලබ්න්නේ ඇන්දවිම කියාය.
පරන පොඩි ඉස්සන් කලවම් කර අළුත් ඉස්සන විකිණිම
අනෙක් මගඩිය වන්නේ දිනපතා රුවල් ඔරු වලින් අල්ලාගෙන එනු ලබන කුඩා මුහුදු ඉස්සන් තොග වශයෙන් ලබාගන්නා මාළු වෙළදුන් එදිනම උදේ මාංකුලිය ලෙල්ලම ගොස් ගෙන එන අයිස් දැම් කුඩා ඉස්සන් මේ අළුත් ඉස්සන් හා කලවම් කර ඔරු ධිවරයන් විසින් අල්ලාගෙන එන අලුත් ඉස්සන්ගේ සිල්ලර මිළටම විකුණති.නිදහසුන් අද මේ අලුත් මුහුදු ඉස්සන් රු 450 කි. කලවම් කර විකුණනු ලබන අය ලගද රු 450 කි.ඔරු ඉස්සන් තොග වශයෙන් විකුණනු ලබන නිසා සිල්ලරට මිලට ගැනිම අපහසුය. මේ තත්වය යටතේ පාරිහෝගිකයා රැවටි කලවම් කරන ලද ඉස්සන් මුහුදු ඉස්සනගේ මිළ යැයි සිතා මිළට ගනිති.
මේවා නැවැත්විමට බලය ඇත්තේ වැල්ලවිදය පල්ලියට පමණි. එහෙත් පියතුමාගෙන් විමසන කල්හි ඔහු පවසන්නේ මේ ලෙල්ලම් ටෙන්ඩරය පාලනය කරනු ලබන්නේ මිසම් කමිටුවෙන් යැයි කියා ඔහු ඇග බේරාගැනිමට පුරුදුව සිටිති.
සාමාන්‍යයෙන් මෙවන් වෙලඳ පොලවල් පවත්වාගෙන යැමේ නිතිමය අයිතිය ඇත්තේ නගර සභාවට වුවත් මීගමුවේදි පල්ලිය බලවත් නිසා සහ පරුණි සම්ප්‍රදායන්ට අනුව පල්ලිය අතගැසු තැනක් නැති තරම්ය.
මේ අනුව මීගමුවේ පාරිහෝගිකයා පල්ලියේ මේ   පව්වලට සදා කරගස්සන්නෙකි බවට පත්කර තිබේ.