වැල්ලවීදියේ තරුණියකට දිවි අහිමිකළැයි චෝදනා ලැබු හෝටල්හිමියාට ඇප..

0
144

(1.15 pm ) මීගමුව වැල්ලවීදිය ග්‍රාමයම කම්පාවට පත් කරවමින්  නිවසක ගරාජයක් තුල ගෙලවැල දා ගත් 24 වියැති තරුණියකුගේ දේහය පිළිබඳව සිදුකළ  පශ්චාත් මරණ පරීක්ෂණයේදී හමුවි තිබුණ ලිපියක් මගින් ඇය චෝදනා කර තිබුණේ වැල්ලවිදියේ හෝටල් හිමියෙකු අගේ මරණයට වගකිව යුතු බවය.
ඒ අනුව පසුගියදා අත්අඩංගුවට ගැණනු හෝටල් හිමියාට ඊයේ දිනයේදි ඇප ලබා දි තිබුණි.
මීගමුව ප්‍රධාන  මහේත්‍රාත් ටි.එන්.එල්. මහවත්ත මහත්මිය විසින්  රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර  ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය ඇපකරුවන්ගෙන් එක් අයකු ළඟම ඥාතියෙකු විය යුතු බව ද  අනෙක් තැනැත්තා මීගමුව අධිකරණ කලාපය තුළ පදිංචි අයෙක් විය යුතු යැයි ද සඳහන් කර කර ඇත

මෙලෙස මුදාහැරීමට නියෝග ලැබූවේ 14/4,පීටර්මෙන්ඩිස් පාර, කුඩාපාඩුව, මිගමුව පදිංචි වර්ණකුලසූරිය දොන් ගේබ්‍රියෙල් ශ්‍රී ලාල් ප්‍රනාන්දු(48) නැමැත්තෙකි 

මොහු සිව් දරු පියකු වන අතර වෘත්තියෙන්  හෝටල් හිමියකු සහ මාදැල් ව්‍යාපාරිකයෙකු බව කියයි  මියගිය තරුණිය ට වයස අවුරුදු 14 සමයේ එම හෝටල් හිමියාට අයත් නිවසක තරුණිය සහ පවුලේ අය පදිංචිව සිටි බව අනාවරණය වී ඇත. හෝටල් හිමියා විසින් දැරිය රවටා ගෙන ගොස් ලිංගික අතවරයකට ලක් කිරීමෙන් පසු ඡායාරූප ලබා ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරන බවට තර්ජනය කර කාලයක සිට දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් මේ නිසා ඇය නිතරම සිත් තැවුලෙන්  සහ මානසික වියවුලෙන් සිටි බවත්  පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදි  අනාවරණය වී තිබුණි 

ගෙල වැල දා  ගැනීමට පෙර ලියන ලද බව කියන  ලිපිය ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ මීගමු රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි ඩී .කේ. විජයවර්ධන මහතාට හමු වී ඇතැයි සඳහන් ව ඇත . එම ලිපියෙන් කියැවෙන කරුණු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිසියට පිටපතක් ද  මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතාට පිටපතක්ද අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ලබා දී ඇත 

මෙම සිද්ධියට සම්බන්ධව චෝදනා ලැබ සිටින හෝටල් හිමියා විසින් මෙම ලිපියේ සඳහන් අත්අකුරු එම මියගිය තරුණියගේ  නොවන බවට හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිත් ජයන්ත වික්‍රමරත්න මහතා වෙත සාක්ෂි මෙහෙ වන අවස්ථාවේ ප්‍රකාශකර තිබේ ඇප මත මුදා හැරීමෙන් පසු සෑම   මාසෙකම  තුන්වන සතියේ ඉරු දින  නමයත් 12ත් අතර මීගමුව පොලිසියේ පෙනී සිටින ලෙස ද  සැකකරුට අධිකරණයෙන් නියම කෙරුණි.
පොලිසිය විසින් සැකකරුගේ සහ මියගිය තරුණියගේ ජංගම දුරකථන අධිකරණයට භාර දුන් අතර එම දුරකථන වල විශ්ලේෂණ වාර්තා සහ එම සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන ඇත්නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය විසින් මීගමුව පොලිසියට නියම කර ඇත.
නැවත විභාගය නොවැම්බර් 23 වන දිනට කල් තැබිණි