මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේ මාරි අම්මාන් කෝවිල අසලදි 2012 අප්‍රේල් 12 වනදා දවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දරුවෙක් පැහැර ගෙන ගොස් තිබුණි.
ඇල්ස් පාරේ පදිංචි 13 වියැති මේ පිරිමි දරුවා වැල්ලවිදිය රියෝ අයිස් ක්‍රම් වෙළද සැල අභියස සිට ගෙන සිටියදි මෙම පැහැර ගැනිම සිදුව තිබුණ අතර ඔහු ගේ දෑස් සහ දෙඅත් බැද කොළඹ ප්‍රදේශයේ තට්ටු ගොඩනැගිල්ල ක රදවා තබාගෙන තිබුණ බවත් පසුව අද උදෑසන කොළඹ බස්නැවතුමට ගෙනවිත් දමා අතට රු 500 ක්ද දි ගෙදර යන ලෙස දන්වා තිබුණු බවද සැලය.
මේ බිහිසුනු අත්දැකිමට මුහුණ දුන් දරුවා තවමත් කම්පන තත්වයක පසුවන බැවින් ඔහු හමුවි ඒ බිහිසුන අත්දැකිම ඔබ වෙත ඉක්මනින් ගෙන ඒමට උත්සාහ කරමු.