වැල්ලවීදිය ගණදෙවි කෝවිලේ වාර්ෂික මංගල්‍ය මේ මස 2වනදා..

0
251

මීගමුව , වැල්ලවීදිය  ගණදෙවි  කෝවිලේ  මංගල්‍ය   අගෝස්තු   2දා  පැවැත්වීමට  නියමිතය . මීට  පෙර     මෙම  උත්සවයේ   විශේෂත්වයක්   වූයේ  නගරය  තුළ   ගමන් කරන   දර්ශනීය   පෙරහැරයි. මෙවර  එම  විශේෂාංගය   පැවැත්වීමට   නොහැකි   බවත් ,  ඊට  හේතුව   වන්නේ   රටේ  පවතින  ආරක්ෂාව   පිළිබඳ  ප්‍රශ්ණය   බවත්  මෙම  කෝවිලේ  කලමනාකරු   ලෙස  කටයුතු  කරන  සුබ්‍රමනියම්   මහතා   අප සමඟ  පැවසීය .එසේම   2 දා  මෙහි   තේරේ  පූජාව පවත්වන   අතර  3 දා  තීරි  ඌන්ජල්  පූජාව   පවත්වන   බවත්  කලමනාකාර   මහතා   තවදුරටත්   අප  සමඟ   පැවසීය .

ඓතිහාසික   වටිනාකමින්   යුතු   මෙම  කෝවිල  ආරම්භයේදී  පොල් අතු සෙවිලි  කල  කුඩා  ස්ථානයක්   ලෙස  පවත්වා ගෙන   පැමිණ   ඇත . පසුව   පත්වූ   කමිටුවක්   මගින්   මෙහි   සංවර්ධනය  සඳහා   කටයුතු   කර ඇත .මෙම  කමිටුවේ  සභාපති  ජේ. එම්. විජේරත්න   මහතාය.  භාණ්ඩාගාරික  වූයේ   භාරත්  කුමාර  නම්  මහතෙකි.  මේ  දක්වා   මෙහි  සියළු  පාලන  කටයුතු  සිදුවන්නේ   මෙම  කමිටුව   මගින්ය.
IMG-20190826-WA0017
IMG-20190826-WA0018
IMG-20190826-WA0015
කෝවිලේ කලමනාකරු සුබ්‍රමනියම් මහතා