වැල්ලේ කප්පම්කාරයන්ට සහ ගංජා වෙළෙන්දන්ට අනුග්‍රහය දක්වන්නේ කව්ද ?

0
134

මීගමුව එහෙම පිටින්ම පතාල පාලනයකට නතු වෙමින් ඇති බව අප මීපුර පුවත් පත සහ වෙබ් අඩවිය හරහා හෙළිකර සිටියේ මීට වසර 7 කට පමණ පෙර සිටය.
දැන් වැල්ලේ ගැවසෙන පෙම්වතුන්ට පවා නිදහසේ සිටිය නොහැකි තත්වයක් කරා මෙය ගමන් කරමින් තිබේ.
එපමණක් නොව පාසැල් දරුවන්ව පවා කුඩු සහ ගංජා ජාවාරමට හසුකරමින් පතාල නායකයන්ගේ මඩි  තර ගැනිම සිදුවන්නේ පොලිසිය ඇතුළු ආදාල බොහෝ බලධාරින්ගේ පුර්ණ ආශිර්වාදය මැදය.
විශේෂයෙන්ම මීගමුව වැල්ල පොදු ස්ථාන අද පාලනය කරනු ලබන්නේ මීගමුවේ ප්‍රධානතම දේශපාලන පවුල විසිනි.
පසුගිය දිනවල ලංකාදිප පුවත්පත මගින් හෙළිකරන ලද ජවාරම් සහ කප්පම් ක්‍රියාත්මක වන්නේද මේ තැන ප්‍රමුඛ කොට ගෙනය.
මේ බව මාධ්‍ය මගින් හෙළිදරව් කිරිමෙන් පසු මීගමුව ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති සරත් ගුණරත්න විසින් පොලිස් බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ මේ සියළු කප්පම්කාරයන් සියල්ල නිතියේ රැහැනට හසුකරගන්නා ලෙසය.
එහෙත් මීගමුව පොලිසිය මෙවන් දැ පාලනය කිරිම සදහා ඇත්ත වැඩපිළිවෙලක් ඇතිදැයි ඇත්තටම සැක සහිතය.
නිදසුනක් ලෙසින් ගතහොත් වාහන පවා ඇතුළු කිරිමට ඉඩක් නැතිව මීගමුව වෙරළ උද්‍යානය මහජනයාගෙන් පිරි ඉතිර ගිය පසුගිය පෝ දිනයේ පවා මේ මුළු වෙරළ උද්‍යානයම සිටියේ පොලිස් නිළධාරින් දෙදෙනෙකි.ඔවුන් පවා කිසියම් රාජකාරිමය සැලැස්මක් මත ක්‍රියාත්මක වු වගක් නොපෙනුනි.
කෙසේ වෙතත් මීගමුව දැන් එහෙම පිටින්ම ආරාජිකය.
ඒ ගැන සොයා බලන්නට යැයි මීගමුව ආණ්ඩු පක්ෂයේ ලොක්කාට පොලිසියට ලියන්නට විම යනු දෛවයේ සරදමකි.
මේ පහත උපුටා ගැනිම් දෙක ලංකාදිපය විසින් කරන හෙළිදරව්වේ කොටස්ය.
වැල්ලේ තත්වය එලෙසින්ය.

 

”මීගමු වෙරළට අපි ගියේ වැරදි දේකට නෙමෙයි. කතා කරන්න ගියේ. අපි අනිත් අය වගේ වැරැදි විදියට හිටියෙත් නැහැ. එතැන ගොඩක් අය ගැවසෙන තැනක්. අපි සිමින්ති බැම්මක වාඩි වෙලයි හිටියේ. ටික වෙලාවකින් දෙන්නෙක් ආවා. ඇවිත් අපි ඉස්සරට හිට ගත්තා. එයාලා වයස අවුරුදු 20—-x25 අතර වගේ කට්ටිය.

උඹලට ලව් කරන්න නෙමෙයි මෙතන තියෙන්නේ කියලා රුපියල් දෙසීයක් ඉල්ලූවා. මං කිව්වා සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ ගනින් පර්ස් එක කිව්වා. මං කිව්වා පර්ස් එක ගන්න දෙයක් නැහැ අපි ගාව සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ එක්කෙනෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. එතකොට මගේ ගැනු ළමයා හොඳටම බය වුණා. එය ළඟ සල්ලි තිබිලා එයා රුපියල් දෙසීයක් දෙන්න හැදුවා. මං ඒක නැවැත්තුවා. ඒත් එයාලා ඒක ඇදල අරගත්තා. ඉන් පස්සේ වචනයක්වත් කිව්වේ නැහැ. යන්න ගියා. මගේ ගෑනු ළමයා ඉන් පස්සේ ඒ පැත්තට යන්න බෑ කියනවා. එයා හොඳට බය වෙලා..”

මේ තවත් තරුණයකුගේ අත්දැකීමකි. ඔහු ද ගම්පහට නුදුරු පෙදෙසක උසස් පෙළ කරන පාසල් සිසුවෙකි.  ඔහු ටියුෂන් පන්ති නොයා පෙම්වතිය සමග පෙම් සුව විඳින්නට ගොස් ඇත්තේ මීගමුවටය.

”.මීගමුවේ තියෙනවා ගොඩක් අය යන වෙරළක්. ඒකට කියන්නේ බ‍්‍රවුන්ස් බීච් කියලා. අපි එතනට නෙමේ ගියේ. අපි ගියේ වෙන තැනකට. පඳුරක් ළඟ තමයි අපි හිටියේ. ටික වෙලාවක් ඉන්දි දෙන්නෙක් ආවා. ඇවිත් අනවශ්‍ය විහිළු කළා. මගේ ගෑනු ළමයගේ අතින් ඇල්ලූවා. එයා  අත ගසා දැම්මා. ඒ එක්කම අර අතින් අල්ලපු කෙනාගේ අතින් මං අල්ල ගත්තා. අනිත් කෙනා ළඟ පිහියක් තිබිලා ඇදලා ගත්තා. එයා කිව්වා නටන්න හදන්න එපා කියලා. මගෙන් රුපියල් පන්සීයක් ඉල්ලූවා. නැත්නම් කෙල්ලව  ඕන කිව්වා.

මෙතනට ඇවිත් එක එක ඒවා කරනවා කියලා කට්ටිව ගෙන්නන්න පුළුවන් කිව්වා. නැත්නම් කෙල්ලට මොනවා හරි කරන්න පුළුවන් කිව්වා. ඒ දෙකෙන් එකක් නොකරන්න නම් රුපියල් 500ක් ඉල්ලූවා. අපිට කර ගන්න දෙයක් නැතිව ගියා. මං ගාව තිබුණේ රුපියල් තුන්සිය පනහයි. ගෙදර යන්නත් එක්ක තිබුණේ එච්චරයි. ගෑනු ළමයා ගාව දෙසීයක් තිබුණා. එයාගෙන් සීයකුයි මගෙන් දෙසීයකුයි අරගෙන රුපියල් තුන්සීයක් දුන්නා. ඉන් පස්සේ සද්ධයක්වත් නැතුව ගියා. අපි එතැනින් ආවා..”beach prk 4