වැලිකඩදි හමුවු කොවිඩ් රෝගියා සහ ලංකාවේ සැබෑ කොවිඩ් අර්බුදයේ තරම ….

0
149

Coronavirus-outbreak-1වැලිකඩ බන්ධනාගාරයේදි රැදියෙකු PCR පරීක්ෂණයක්  යොමුකිරිමේදි හෙළිව තිබුනේ ඔහුට කොවිඩ් වැළදි තිබුණ බවකි. පසුව සිදුකරන්නට යෙදුන පරික්ෂණ දෙකකදිද එය යළිත් තහවුරු ව තිබෙන බව නිව්ස්වයර් වෙබ් අඩවිය  සදහන් කර තිබේ.
මෙම රැඳවියාට කොවිඩ් 19 වසංගතය ආසාදනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා හෙළිවී නොමැති බවයි වාර්තා වන අතර  මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවි සිටින එම රැඳවියා පුනුරුත්ථාපනය සඳහා කන්ඳකාඩු හි පිහිටි මධ්‍යස්ථානයක් වෙත යොමු කොට සිටි අයෙකු බව සඳහන්ය.

නඩු කටයුත්තක් සඳහා ඉකුත් ජුනි මස 26 වෙනිදා මෙම රැඳවියාව කන්ඳකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර ඒවා තිබුන අතර .එලෙස වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ එම රැඳවියා නඩු කටයුත්තකට සහභාගී කරවීමට පෙර PCR පරීක්ෂණයක් ඉකුත් සිකුරාදා සිදුකොට ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම රැඳවියාගේ තවත් PCR පරීක්ෂණ 02 ක් සිදුකොට ඇති බවත් එම වාර්තාවන්ට අනුව ඔහුට වෛරසය තහවුරුවී ඇති බවට සනාථ වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කර සිටි.

මෙම රැඳවියා රඳවා සිටි වැලිකඩ අයි (I) වාට්ටුවේ සිටි 100 කට ආසන්න රැඳවියන් සහ ජුනි 26 වෙනිදා සිට එහි සේවය කළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ.
මෙම සිදුවිමෙන් හෙළිදරව් වන එක් භායනක ඇත්තක් තිබේ. එනම් නොසිතු මොහොතක නොසිතු තැන්වලින් කොවිඩ් රෝගින් මතුවිමේ ඉඩක් ඇති අතර එසේ හදුනාගන්නට ඉඩ සැලසෙන්නේ PCR පරීක්ෂණයන් කිරිමෙන් පමණක් බවය.
මේ අනුව දැනට ලංකාව තුල මෙසේ අහඹු ලෙසින් මෙන්ම ස්ථානිය ආකාරයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන අඩුබව පැහැදිලි සත්‍යයකි. මේ අනුව කොවිඩ් වැළදුන අයව සමාජයෙන් හදුනාෙගන නැතැයි කිමෙන් කියැවෙන්නේ කොවිඩ් රෝගින් සිටිමේ සම්භාවිතාවක් නැතැයි කිම නොවන බව දැන් වැලකඩින් යළිත් අපට කියා දි ඇති පාඩමයි.සැබැ ගැටළුව ඇත්තේ එවන් රෝගින් හදුනා ගැනිමට ප්‍රමාණවත් අයුරින් PCR පරීක්ෂණ සිදුනොකරන තත්වයක් පැවතිමයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ කියා වරක් කියා සිටියේ හැකිතාක් PCR පරීක්ෂණ සිදුකිරිම තුල පමණක් මේ තත්වය පාලනය කරගතහැකි බවය.
එමෙන්ම යුරෝපාකරයට ලංකාවේ අයට ඇතුළුවිමට සිමාපනවා තිබිමට අදාලව කියැවෙන එක් කරුණක්ව ඇත්තේ ලංකාව තුල PCR පරීක්ෂණ ප්‍රමාණවත්ව සිදුකර නොමැතිවිම පිළිබද ගැටළුවකි.
මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා ඇති පරිදි කොවිඩ් දෙවන රැල්ලක් ගැන අදහස් බැහැර කළ හැකි එකක් නොවන බවත් එයට මුහුණ දිමට සමාජය සුදානම් කළ යුතු බවත් දැන් ටිකින් ටික පැහැදැලි වෙමින් තිබේ.