
වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බැව් නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබුනේ මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති රැඳවියා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.
ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වි තිබුණි.
මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 580ක් බව වාර්තා වි ඇති අතර ඉන් රැඳවියන් 465, කාර්ය මණ්ඩලයේ 65, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනෙකු හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවතහවුරු වී ඇත.
සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 05ක්, කටාර් සිට පැමිණි සිව්දෙනෙක් සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් තිදෙනෙකු එලෙස වාර්තා වූ රෝගීන් අතර සිටියි.
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2782ක් වන අතර සුවය ලැබූ රෝගීන් ගණන 2106ක් කි. දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 665ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
newswire.lk