වැලිගමින් පිළිකාකාරක පරිප්පු?? දඹුල්ලෙන් පොල්තෙල්…. ???

0
623

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු තොගයක් හමුවී ඇතැයි වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච් නිහාල් පවසා තිබේ
ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය.

ඒ අනුව වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තිබියදී ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයාගෙන ඇත. මෙම පරිප්පු තොගය පිළිබඳ කරුණු අනාවරණය වි ඇත්තේ එම සමිතිය මගින් කල් ඉකුත් වූ යෝගට් විකුණන බවට පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබූ පොල් තෙල් ලීටර 28,000කට අධික ප්‍රමාණයක් අඩංගු සැක කටයුතු කන්ටේනර් රථයක් ඊයේ (01) රාත්‍රී සොයාගෙන තිබේ.

එම අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන් ම ගබඩාව තුළට ගෙන තිබී ඇති අතර එම ගබඩාවේ වහලය මත තිබුණු ටැංකියකට මෙම පොල්තෙල් ගබඩා කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව සඳහන්.අදාළ පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න සඳහනක් නොමැති බවත් වාර්තා වෙයි.

ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා අවසරයක් ලබා ඇති ඒවා ද යන්න සම්බන්ධයෙන් කිසිදු ලියැකියවිල්ලක් එම පෞද්ගලික ගබඩාව සතුව තිබී නොමැති බවත් කන්ටේනර් රථය, අදාළ ගබඩාවේ භාරකරු සහ කන්ටේනර් රථයේ රියැදුරා පොලිස් භාරයට ගත් බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.එම පොල් තෙල් තොඟය මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද දින සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කිරීමට නියමිතව තිබුණි.

අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here