වැලි ප්‍රවාහනය කිරිම තාවකාලිකව නවති!කලපුව හෑරිම දිගටම ?

0
260

Lagoon fishing communnity members 4

aruna roshanthaඑක්සත් ධීවර සමීතිය , පිටිපන ග්‍රාමීය ධීවර සංවිධානය ඇතුළු කම්මල් තොට දක්වා ඇති ධිවර සමීති කිහිපයක් එකතුවී මීගමුව දූව හංදිය අසලදී උද්ගෝෂණයක් ඊයේ සංවිධානය කර තිබුණි .
මෙහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් වූයේ දැනට කලපුව හාරමින් ගොඩගසා ඇති  වැලි පදනම් කර ගෙන ජාවාරමක් සිදුවීම ගැනයි.
ඒනිසා ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වැලි ගමේ අයට ලබාදෙන ලෙස සහ මෙන්ම එම වැලි කලපුවේ සංවර්ධනය සඳහා යොදාගන්නා ලෙසයි.
මේ අතර කලපුවට සිදුව ඇති විනාශය ගැන නිලධාරීන් තර්ක කළේ මෙම තත්වය ඇතිවීමට ධීවර ජනතාවද ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. කලපුව වටා සිදුවන කුනුකසල සහ වෙනත් අපද්‍රව්‍ය මුදාහැරීම ගැන ඔවුන්ගේ සෘජු සම්බන්ධතාවයක් තිබෙන බවද ඔවුන් එහිදි උද්ඝෝෂකයන් හමුවේ අවධාරණය කර තිබුණි.DFO Bandara
fr.sarathමෙහිදී කලපුවේ විනාශය කෙරෙහි රාජ්‍ය ආයතන සහ එම නිලධාරීන්ගේ වගකීම පැහැර හැර ඇති බව සඳහන් කළ ධීවර සමිති සාමාජිකයින් කරවල වාඩි සහ අනෙකුත් විවිධ ආයතන හරහා අපද්‍රව්‍ය කලපුවට මුදාහරින හෙයින් එය කලපුව විනාශ වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද පෙන්වා දුණි. ඒ ගැන පැහැදිළි කරන ධීවර සමීති සාමාජිකයින් පවසන්නේ එය එම වගකිවයුත්තන් මේ පිළිබඳව නිසි අවධානයක් නොදීමේ ප්‍රතිඵලයක් බවද එහි ප්‍රකාශ කලේය.
මේ අවස්ථාවට මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක රංජිත් බණ්ඩාර මහතා , නේවාසික ඉංජිනේරු මධුරංග ප්‍රේමලාල් මහතා සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ද සහභාගී විය. දෙපාර්ශවය අතර ඇතිවූ සාකච්ඡාවෙන් පසුව තීරණය වූයේ බදාදා දින නැවත ධීවර සමීතිවලට මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදීමටයි. එතෙක් වන දැනට හාරා ඇති වැලි ප්‍රවාහනය නොකිරීමටත් , නිලධාරීන් පොරොන්දු විය .