වැලි ලොරියට යටවී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

0
59

(11.58 am) ඊයේ(10)  රාත්‍රි  8.00ට  පමණ  වැලි  පටවාගෙන  පැමිණි  ලොරියකට  හැපී වයස අවුරුදු  34ක  තරුණයෙකු  මිය ගියගොස් තිබේ. මෙම අනතුර කට්ටුව  කනත්ත  අසලදී  සිදුවී ඇති අතර   අනතුරට ලක්වී ඇත්තේ   පේරලන්ද  ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙකි.   වැලි ලොරිය  පදවාගෙන  පැමිණ  ඇත්තේ  වයස  අවුරුදු  51ක  පමණ වූ  අයෙක් වන අතර ඔහු  අද දින  අධිකරණයට  ඉදිරිපත්  කිරීමට නියමිතය.

මෙම අනතුරට බලපා ඇති ප්‍රධානතම හේතුව  ලෙස  කාලසීමාවක් නොමැතිව සිදුකරන  වැලි  ප්‍රවාහනය බරපතල ප්‍රශ්නයක් වී ඇති බව මීගමුව  රථවාහන  අංශයේ ස්ථානාධිපතිවරයා පවසයි.  වැලි ප්‍රවාහනය සඳහා  අවසර  දීමේදී   නිලධාරීන් වැරදි  ක්‍රමවේදයක්    අනුගමනය  කරන  බවත්  මේ වනවිටත්    පිළිලයක්  බවට  පත්වී  ඇති  බවත් ඔහුගේ අදහසයි.  වැලි ප්‍රවාහනයට අවසර ලබාදී ඇත්තේ පුත්තලම්   දිස්ත්‍රික්කය  තුළ  සිටින  අයට  උදේ  6.00 සිට  සවස  6.00 දක්වා  දිස්ත්‍රික්කයෙන්  පිටත  සිටින  අයට  සවස 6.00  සිට  උදේ  6.00 දක්වා අවසර  ලබාදී තිබේ.    රාත්‍රියේදී  මෙසේ  වැලි  පැටවීම  සදහා  ඉඩ දීමෙන්  විවිධ  අනතුරුවලට  මුහුණ  දීමට  සිදුවන අතර මාර්ගයේ  විදුලිය  නැති  අවස්ථාද  තිබෙන  හෙයින්  මෙය  බරපතල  ප්‍රශ්නයක්  බවත් ඔහු  පෙන්වා  දෙයි.  මෙවැනි  රිය   අනතුරු  නැවත  සිදුවීම  වැලක්වීම  සදහා  බලධාරීන්   ඉක්මන්  පියවරක්Accident-Putlam-2
ගතයුතුව  ඇත.