වැවට හරවා ඇති නගරයේ කාණූ වසන්නේ කවදාද ?

0
235

වෙන්නප්පුව නගරය මැදින් ගලා යන කුණු කානු දැනට අවුරුදු ගණනක සිට වෙන්නප්පුව වැවට හරවා තිබේ.  මෙය සිදුවන්නේ පෙස්ටස් පෙරේරා  මැතිතුමා දේශපාලනය කරන කාලේ සිට බව වැඩිහිටියන් පවසති. නමුත් අද වනතුරුත්  කිසිම  ඇමතිවරයෙකුට මෙම ක්‍රියාව නවත්වන්නට නොහැකි විය.
තවමත්  එම කාණු වල ජලය වැවට ගලාවිත් වැවේ  ජලය අපවිත්‍ර වේ. මෙම වැවෙන් ප්‍රයෝජන ගන්නා පිරිස් බොහෝ වේ.  ගමේ ගොවි සමිතියක්ද වැව සම්බන්ධයෙන් කටයුතු කළ ද ඔවුන්ගේ ඉල්ලීම් ද දේශපාලනය කරන නායකයන්ට ඇසෙන්නේ නැත.  වයඹ පළාත් සභාව නියෝජනය කරන ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් ද සිටිති. තවමත් කිසිවෙකුෙග් අවධානයට  මෙම පරිසර ප්‍රශ්නය යොමුවී  නොමැත.  ප්‍රාදේශීය  ඉංජිනේරු කාර්යාලයට මෙන්ම ගොවිජන සේවා කාර්යාලයට ද මේ ප්‍රශ්නය අදාළ නමුත් කිසිවෙකුත් විසින් මේ වනතුරු ඔවුන්ට මේ පිළිබඳව දන්වා නොමැති ද?

වෙන්නප්පුව  මහ  වැව
wennapuwa lake

lake 1

කුණු ගලාවිත් වැව අපවිත්‍ර වී ඇති ආකාරය

















ඡායා – ෂෙහාන් ප්‍රනාන්දු