වැවේ නිව්ස් එකට ප්‍රතිචාර

0
52
වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම

වෙන්නප්පුව මහ වැවේ  ඉදවී ඇති අනවසර ඉදිකිරීමේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර ලැබෙමින් පවතී,
පළමු ප්‍රතිචාරය  මීපුර නිව්ස් ෆේස් බුක්  පිටුවෙහි ” අනිල් අඩියක් පස්සට  ගනියි” යන ප්‍රවෘත්තියට    ලැබී ඇත.
දෙවෙනි ප්‍රතිචාරය   අද ( 2013.05.13 ) ඉතාලියේ වෙරෝනා නගරයේ සිට ලැබුණ දුරකථන  ඇමතුමයි.   එම    දුරකථන ඇමතුම ලබාදුන්නේ මෙම වැවේ නීති විරෝධි ඉදිකිරීම කර ඇතැයි කියන අනිල් නැමැති වෙන්නප්පුවේ ප්‍රකට  ව්‍යාපාරිකයෙකුගේ  පුතෙකු විසිනි.
මේවාට අමතරව තවත් ලැබුණු දුරකථන ඇමතුම් කිපයක් වෙයි.    ඒවායේ අරමුණ වි තිබුනේ අප වෙබ් අඩිවියේ වෙන්නප්පුව වාර්ථාකරු කව්දැයි කියා දැනගැනිම වෙනවෙන් වෙන වෙන ප්‍රශ්ණ අපෙන් ඇසු ඒවාය.
මේ ප්‍රතිචාර වලින් කියවුනේ තමන් කර ඇති ඉදිකිරිම නීති විරෝධි නොවන බවය.   එමෙන්ම අප විසින් පළ කළ  ‘ අනිල් අඩියක් පස්සට ගනී ‘  යන පුවතෙහි පවසා ඇති ලෙසින් අනිල් අඩියක් පස්සට ගන්නට එකඟ වුයේ නැති බවය.
මේ   සංවාදය හොඳය .   එහෙත් ඒවා පදනම් විය යුත්තේ සත්‍ය කරුණු මත මිස එක් පාර්ශවයක්      ඇත්ත යැයි සිතා සිටින කරුණු වලින් නොවිය යුතුය.
මෙම බැම්ම නීති විරෝධි බව වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරුවරයා මෙන්ම හලාවත ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන නිළධාරිණියක්ද ලිඛිතවම දැනටමත් අනිල් මහතා වෙත දන්වා ඇත. එමෙන්ම හලාවතින් දන්වා ඇත්තේ අප්‍රේල් 26 ට කලින් කඩා ඉවත් කර ගත යුතු බවය.
මේ කරුණු සමබන්ධයෙන්   පරිපාලන    අධිකාරිය     විසින් මේ දක්වා කර ඇති    කරුණු පැහැදිලි කිරිම් මේවාය.      එහෙත් පළාතේ දේශපාලන අධිකාරියට මේවාට වඩා වෙනස් පිළිතුරු හෝ සිහින තිබිය හැක.   එහෙත් අප මාධ්‍යවේදින් ලෙසින් පදනම් කරගනු ලබන්නේ වැව් සම්බන්ධයෙන් පළාත් සභාව විසින් දැනට නිකුත් කර ඇතිය නිතිමය ප්‍රතිපාදනයන්ය.
මෙම ඉදිකිරිම ඊට පටහැනි බව කියන්නේ මේ ප්‍රදේශයේම රාජ්‍ය නිළධාරින්ය. අප කළේ එය වාර්ථා කිරිමය.
2013 මැයි 14 වනදා ට මේ පිළිබදව තවත් අලුත්ම තොරතුරු සමුදායක් ඉදිරිපත් කිරිමට සැලැසුම් කර ඇත්තෙමු.

http://www.newsfirst.lk/english/node/23339

වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම
වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම