වැස්සට යටවෙන මිගමුව සහ ලංසා පවුල..?

0
111

 

           නැවතත් මීගමුව ඇතුළු බස්නාහිර පලාතේ ප්‍රදේශවලට ද වැසි සමයක් ආරම්භ වී ඇත. මේ වැසි සමය ආරම්භයේදී ලැබෙන වර්ෂාව සාමාන්‍ය සුළු වර්ෂාවකි. එහෙත් තවත් සතියක් දෙකක් ගතවන විට මේ වැස්ස  ධාරානිපාත වර්ෂාවක් දක්වා  වර්ධනය විය හැකිය.

දැනට වසර ගණනාවක සිට එලෙස වැසි සමයකට පෙර මීගමුව නගර ආසන්නව ඇති ප්‍රධාන පාරවල් සහ ප්‍රධාන මාවත් දෙපස ඇති කානු පද්ධතිය ශුද්ධ පවිත්‍ර කරනු දැකගත නොහැකි විය. එලෙස වැසි සමයට පෙර කානු පද්ධතිය නිසි ලෙස සුද්ද පවිත්‍ර නොකිරීමෙන් සිදුවන්නේ ඇති වන සුළු වර්ෂාපතනයකදී පවා එම පාරවල් සහ  මාවත් වැසි ජලයෙන් යටවීමයි. නිසි ලෙස වැසි ජලය පාරවල් දෙපස ඇති කානු වලින් ගලා නොබැසීම නිසා ,මෙලෙස  සුළු වැස්සකදී පවා  එලෙස පාරවල් ජලයෙන් යටවනු දැකගත හැකි විය.
විශේෂ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටකිරිමට තුඩු දෙන දෙපා ඇල ලංසා පවුල් හවුල් පාලනය යටතේ නිසි පරිදි සුද්ද කරනවා වෙනුවට සිදුවුයේ කොන්ත්‍රාකරුවන් මෙන්ම දේශපාලන කොමිස් කාක්කන්ද ඉන් හම්බකර ගැනිමය

                      ඊයේ පෙරේදා දිනවලදී ද ඇතිවූ සුළු වර්ෂාවන්වලදී පවා මීගමුව ප්‍රදේශයේ බොහෝ ප්‍රධාන අතුරු පාරවල් සහ මාවත් වැසි ජලයෙන් යට වී තිබෙන ආකාරය දැක ගත හැකි විය.  එයට හේතුව වූයේ ද පාරවල් දෙපස ඇති කානු සිරවි නිසි ලෙස වැසි ජලය ගලා නොබැසීමයි. එමෙන්ම ඒ බොහෝ කාණුවල ෂොපින් බෑග්, ලන්ච් ෂීට්, සහ ප්ලාස්ටික් බෝතල් වැනි දෑ සිරවී කානු මාර්ගය අවහිර වී ඇති බවද දැකගැනීමට හැකි විය.  එලෙසම මීගමුව ආශ්‍රිත ප්‍රධාන අතුරු පාරවල් සහ මාවත් දෙපස ඇති කානු බොහෝමයක මේ වන විට වල් පැළෑටි ඝන පඳුරු ලෙස කානු මාර්ගය නොපෙනෙන ආකාරයකට වැවී ඇති  තත්ත්වයන්ද  දැක ගත හැකි විය.  පාරවල් දෙපස සමහර ස්ථානවල කානු මාර්ගය මුළුමනින්ම නොපෙනෙන තරමට තණකොළ වැනි වල් පැලෑටි ඉතා ඝනව සහ උසට වැවී ඇති ආකාරය මේ පාරවල්වල ගමන් කරන  ඕනෑම අයෙකුට දැක ගත හැකිය.  
                 

           කෙසේ වුවද මේ පාරවල් සහ මාවත් ආශ්‍රිතව වෙසෙන බහුතරයක්  ජනතාව  වගකිව යුතු නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වැසි සමය ආරම්භ වී ඇති නිසා ඉතා ඉක්මනින්ම වල් පැළෑටි වැවී ඇති සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සිරවී ඇති  පාරවල් දෙපස , කානු මාර්ගයන් ඉතා ඉක්මනින් සුද්ද පවිත්‍ර කර දෙන ලෙසයි. 

පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් මිගමුව පාලනය කර තිබුනේ ලංසා පවුල විසිනි.ප්‍රකෝටි ගනනින් වත්කම් අත්පත් කරගත් ඔවුන් ගොඩ යද්දි හැමදාමත් පැයක වැස්සටත්  මිගමුව යටවිම නිසා ජනයා අනේක පිඩාවන්ට පත්විය.

දෛවයේ සරදම වන්නේ පොඩි වැස්සටත් යටවෙන මිගමු⁣වේ තාප්පවල විවිධ සටකපට තේමා රැසක් සමගින් නිමල් ලංසාගේ ඡන්ද පෝ්ස්ටර් රැසක් තෙතබරිත තාප්පවල මේ දිනවල ඇලවි තිබිමය.

රාජපක්ෂ පවුල් දේශපාලනය අතුගා දමා තිබේ.

ලංසා පවුල් දේශපාලනයටද එම ඉරණමම අත්කර දිය යුතුව තිබේ.