වැස්සේ ඇස්සේ පොහොට්ටුවේ ගැහැලිල්ල? විපත් අධාර වියදම ලක්ෂ 14 ක් ලු ?

0
72

IMG-20191026-WA0089ගැහැලි වලට ලක පරිසිඳු එකම නගර සභාව වන මිගමුව දැන් වැස්ස අස්සේ ගැහිල්ලේ තරම ඇස් නිලංකාර වන තරමේ එකකි.
පසුගිය දින කිපය තුල වැස්සෙන් විපතට පත්වුවන් වෙනුවෙන් යැයි කියා රුපියල් ලක්ෂ රු  1437160.50 ක් පොහොට්ටු පාලනය විසින් මේ වෙනවිට වැයකර ඇති බව වාර්ථා වේ.නගර පාලකයන්ගේම කප්පම් ව්‍යාපෘති  නිසා ඉඩදි ඇති අනවසට ඉදිකිරිම් මේ මිගමුවේ ඇතැම් ප්‍රදේශ යටවිමට බලපා තිබේ.
ඒත් ඒ ප්‍රදේශයක් කිපයක් පමණි.
පෙරියමුල්ල සහ දළුපත ඒ අතර ප්‍රධානය.
දැන් රුපියල් ලක්ෂ රු  1437160.50 ක්වැය කිරිම සදහා අවශ්‍ය යැයි ගණන් බලා ඇත්තේ කව්රුන් විසින්ද ? ඒ මුදල් ලබාදුන් ජනකොටස් පිළිබදව ලයිස්තුවක් තිබේද? එසේ නම් ඒ අය සදහා ලබාදි ඇත්තේ කිනම් භාණ්ඩද යන්න හෙලිකළයුතුව තිබේ.
දැන් ඇත්තේ මැතිවරණය වකවානුවකි. පොහොට්ටුව යනු රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන කප් ගැසු ප්‍රධානතම බලවේගයයයි.
මේ මුල්‍ය අවභාවිතය ගැන සැබැවින්ම මිගමුවේ අමන රාජ්‍ය නිළධාරින් කැළද අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුය.