වැළලී යන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට, ” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ ”පෙල ගැසේ

0
58


” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ ”  සංවිධානය පසුගිය පෙබරවාරි 03 වැනි සිකුරාදා දින සවස රැුස්වීමක් සංවිධානය කර තිබිණි. මේ වන විට අහිමි කරමින් පවතින ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිවාසිකම් වෙනුවෙන් ශී‍්‍රලංකාවේ නීති ක‍්‍රමය යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ දැඩි අවශ්‍යතාවය පිලිබදව දැනුවත් කිරීම මෙම සම්මන්ත‍්‍රණයේ  මුලික අරමුණ විය. මෙය පැවැත්වුයේ කොළඹ-07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලවේදීය.” Restore Rule of LAW ”ලෙස නම් කර තිබූ මෙම රැුස්වීම සදහා නීතිඥයින්  විද්වතුන් මාධ්‍යවේදීන් සහ සමාජ කි‍්‍රයාකාරීන් ඇතුඵ පිරිසක් සහභාගී වී සිටියහ.
රැස්වීම අවසානයේ ” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ ”  සංවිධානය සදහා නව සමාජිකයනින් බදවා ගැනීමද සිදුකරන ලදී . මෙම විශේෂ රැස්වීම මෙහෙය වුයේ ජේ්‍යෂ්ඨ නීතිඥ රත්නවේල් මහතා විසිනි.