විකෘති කාමාශාවෙන් පෙළෙන ස්වාමියා ගැන බිරිඳගෙන් පැමිණිල්ලක්

0
77

 

 

විකෘති කාමාශාවන් ඉටු කර ගැනීමට තම බිරිඳට අතින් පයින් පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ස්වාමිපුරුෂයෙකු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් පද්මලතා ගිණිගේ මහත්මිය 16 වෙනි දින නියෝග කළේය.

මෙලෙස නියෝග ලැබූවේ කළු වරිප්පුව කටාන පදිංචි පුද්ගලයෙකි,

ඔහු කලක් යුද්ධ හමුදාවේ සේවය කළ බව සඳහන් වෙයි, මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වෘත්තීයෙන් විදුහල්පතිනියකි,මේ තැනැත්තා බොහෝ දිනවල මත්පැන් පානය කර පැමිණ මා සමග විකෘති කාමාසාවේ යෙදීමට උත්සාහ ගන්නා බව පැමිණිල්ලෙන් කියා ඇත,අතින් පයින් පහරදී තමාගේ වයස අවුරුදු 18ක දියණියටද පහර දුන් බව පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා තිබේ,ඇතැම් දිනවල තමා මහන්සි වී දුව සමග නිදාගෙන කාමරයේ සිටින විට මගේ ඇඳුම් ගලවා එළියට ගෙන ලිංගික අතවර කරන බවද ඇය ප්‍රකාශ කර ඇත,දැනට මේ තැනැත්තිය (පැමිණිලිකාරිය)මීගමු රෝහලේ පස්වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වූ නඩු කටයුතු මෙහෙයවන කටාන පොලිසියේ සැරයන් (73138) ලලිත් කුමාර අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

රේමන්ඩ් අපෝන්සු මීගමුව