විදුලිය නොගලන රැහැන් කණු ඉවත් කරන්නට ප්‍රමාද ඇයි ?

0
87

KONICA MINOLTA DIGITAL CAMERAමිගමුව පෙරියමුල්ල එවකට පිගන් කර්මාන්තශාලාව ක්‍රියාත්මකව පැවති  සමයේ එම කර්මාන්තය සදහා විදුලි ධාරිතාව තිස්තුන්දහසක වොල්ටියතාවයක් සපයනලදි . විදුලිය රැහැන් කණු සිටුවා මිගමුව සාන්ත ලාසරස් පාර පටුමග හලාවත මාර්ගය හරහා ෆාතිමා පාරේන් කර්මාන්තශාලාව දක්වා නොයෙක් කොට්ඨාශ වල නිවෙස් වලට ඉහලින්  රැහැන් අදින ලදි .
අද වන විට වසර කිහිපයකට කලින්  මෙම කර්මාන්ත ශාලාව ඉවත් කොට සුවිසල් නිවාස තනා විකුනා තිබේ. නිවෙස් සදහා විදුලිය වෙනත් මාර්ගයකින් සපයනු ලබයි. ඉහතකී කර්මාන්තය සදහා විදුලි සැපයුම් රැහැන් කණු එසෙම පවති. නිවෙස් තනන්නටත් මහල් නිවෙස්  තනන්නටත් නොහැකිව විදුලි රැහැන් අශ්‍රීත ජනයා ලතවේයි . මෙය සම්බන්ධව බස්නාහිර පලාතේ ලංකා විදුලි බලමණ්ඩලය හෝ විදුලි අධිකාරියේ වගකිවයුත්තන්ගේ  අවධානයට යොමුකරන්නෙමු .
KONICA MINOLTA DIGITAL CAMERA
සුජාඉල් මුනිර්