විදුහල්පතිගේ මරණය ඝාතනයක් බව වෙබ් අඩවියක් කියයි.?

0
78

madaperadigaසමාජය ගැන උනන්දුවෙන් සිටින ඒ සදහා පහසුකම් ඇති අය කරා ඉක්මනින් පුවත් ලගාවෙන ක්‍රමය බවට පත්වෙමින් ඇත්ෙත්  වෙබ් මාධ්‍යයයි.
මේ නිසා එය දැන් ජනතාව අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත්ෙවමින් තිබේ.
එහෙත් මෙහිදි ඇතැම් වෙබ් අඩවි  කිසිදු මාධ්‍ය සදාචාරයක් හෝ වෘත්තියභාවයක් අනුගමනය නොකරමින් පුවත් පළකිරිමට යාම නිසා අද වෙබ් මාධ්‍ය පිළිබදව ජනතාව අතර පැවතිය යුතු විශ්වසනියත්වයට බාධා පැමිණෙමින් තිබේ.
මේ සදහා අපට සැපයිය හැකි  ආසන්නම උදාහරණය වන්ෙන් මීගමුව විදුහල්පතිවරයාගේ මරණය පිළිබදව මැදපෙරදිග නම් වු වෙබ් අඩවිය පළ කරන ලද පුවතයි.
එයට අනුව විදහල්පතිවරයාගේ මරණය ඝාතනයකි.කලින් මරා පසුව වැසිකිලියට දමා ඇතැයි සිය සිරස්තලයේ පළකර තිබේ.
පොලිසිය විසින් තවමත් පරික්ෂණ පවත්වමින් තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණයේ නිගමනද තවමත් ඉදිරිපත්වි නැත.
තතු එසේව තිබියදි මේ කිසිදු මුලාශ්‍රයක් පදනම් කොටගෙන මැදපෙරදිග වෙබ් අඩවිය මරණය සිදුවු අාකාරය ඝාතනයක් බව සිය පාඨකයා වෙත කියයි.
මැදපෙරදිග වැනි අනුන්ගේ පුවත් කොපි කර යළිත් සිය වෙබ් අඩවිය තුල අලවා ජනප්‍රිය වෙන්නට බලන වෙබ් අඩවි පමණක් නොව ඉහල වෘත්තියභාවයකින් යුක්ත යැයි පිළිගෙන ඇති ලංකාදිප වෙබ් අඩවිය පවා මුල් අවස්ථාෙව් පළකරන ලද්දේ විදුහල්පතිවරයාව අභිරහස් ලෙස මරලා යන පුවතකි.
මේ තත්වයන් පිලිබදව ගැඹුරින් අවධානය යොමුකළ යුතුව ඇත්තේ හෙට දවසේ ජනප්‍රිය මාධ්‍ය බවට පත්වන්නට නියමිත වෙබ් පිළිබදව කිසියම් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගාගතයුතුව තිබෙන බැවිනි.
ලංකාවේ වෙබ් මාධ්‍යකරුවන් සදහා වන පළමු සංවිධානය වු වෘත්තිය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමය මේ දිනවල පුළුල් සංවාදයක නියැලි සිටින්නේද මේ කරුණු පිළිබදවය.