විදුහල්පතිවරයාගේ මරණය අධික රුධිරය වහනය නිසා සිදුවුවක් .

0
138

DSC03550මීගමුෙව සා මරියා  විදුහලේ  විදුහල්පති මැක්ස්වල් මහතාගේ මරණය අධික ලෙස රුධිරය වහනය විම නිසාවෙන් සිදුවුවක් බවට මරණ පරික්ෂණයේදි නිගමනය කෙරේ.
එමෙන්ම එය බාහිර පුද්ගලයෙකු විසින් සිදුකරන ලද්දක් නොවන බවද අදාල පරික්ෂණ වලදි හෙළිව තිබුණ බව පොලිස් ආරාංචි මාර්ග සදහන් කර සිටි.
තිදරු පියෙකු වු මැක්ස්වල් මහතා අද උදැසන පාසැලට ගොස් 6.00 ට පැමිණිමේ ලේඛනයද අත්සන් කර  ඇත.උදැසන 7.15 ට එම පාසැලේම උසස් පෙළ ඉගෙනුම ලබන සිය ඥාාති පුතෙකු ගේ  පිටට තට්ටු කරමින් හොදට ඉගෙන ගන්නට යැයිද පවසා ඇත.
වාර්තා වන අන්දම මෙමසිදුවිම වි ඇත්තේ පෙ.ව 7.15 ත් 7.30 ත් අතරේය.පාසැලේ දිනපතා රැස්විම සදහා විදුහල්පතිතුමාගේ නොපැමිණිම ගැන විමසිමට පැමිණි විටද ඔහු සිය නිළකාමරයේ වැසිකිලය තුල ලේ ගලමින් වැටි සිටිනු දැක ඇති නියොජ්්‍ය විදුහල්පතිවරයා අන් අයගේද සහයෙන් රෝහල වෙත ගෙන ගොස් තිබේ.
එහෙත් ඔහු ඒ වන විටත් මිය ගොස් තිබුණි. ලෝක ළමා දිනය සැමරිම සදහා පාසැලේ ලොකු  උත්සවයක්ද හෙට දිනයේ විදුහල්පතිවරයා විසින් සුදානම් කර ඇති බව සැලය.