විදුහල්පති පියතුමාගේ විභාග වංචාව ගැන CID පරික්ෂණ ඇරඹේ !

0
289

fr.jayantha-5මීගමුව සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ විසින් පසුගිය උසස් පෙළ විභාගයේදි කරන්නට යෙදුන විභාග වංචාවක් පිළිබද CID පරික්ෂණ අද පෙරවරුවේ ඇරඹී තිබුණි.
මේ විභාග වංචාව ගැන විභාග දෙපාර්තමේන්තුවට දන්වා සිටි එම විදුහලේ තර්ක ශාස්ත්‍ර විෂය පිළිබදව ගුරුවරයා වන වසන්ත මාරසිංහ අද CID පරික්ෂණ හමුවේ සියලු කරුණු හෙළිදරව් කර තිබුන බව අප කළවිමසුමකදි කියා සිටියේය.wasantha marasinha sir                                                         වසන්ත මාරසිංහ ගුරුතුමා
තර්ක ශාස්ත්‍ර විෂය පමණක් නොව ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් තමන් දන්නා තොරුතුරු CID පරික්ෂණ කණ්ඩායම හමුවේ අද හෙළිකළ බව තවදුරටත් කියා සිටියේය.
මේ දැවැන්ත විභාග වංචාව පිළිබද මාධ්‍යට අදහස් දැක්වු ලංකා ගුරුසංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  කියා සිටියේ මෙම සිදුවිම පිළිබදව විභාග දෙපාර්තමේන්තුවේ පරික්ෂණද ඉතාමත් මන්දගාමි බවය.josa                                                    ජෝශප් ස්ටාලින් මහතා 
සා.මරියා විදුහල්පතිධුරයෙන් දැනට ඉවත් කොට ඇති ජයන්ත වික්‍රමසිංහ පියතුමා දැනට මිගමුව අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට තිබේ.ජයන්ත වික්‍රමසිංහ විදුහල්පති පියතුමාගේ විභාග වංචා පරික්ෂන යටගැසිමේ තැතත් ගැනද පසුගියදා මාධ්‍ය විසින් මතුකර තිබුණි. කෙසේ වෙතත් මේ විදුහල්පති පියතුමාට පොහොට්ටු දේශපාලකයන් රැසක් සමගින් ඉතාමත් සමිප සම්බන්ධතා ඇති බව අද මිගමුවේ ප්‍රසිද්ධ රහසකි

විදුහල්පති පියතුමාගේ විභාග වංචාව ගැන CID පරික්ෂණ ඇරඹේ(විඩියෝ)

විදුහල්පති පියතුමාගේ විභාග වංචාව ගැන සියළු කරුණු වසන්ත මාරසිංහ ගුරුතුමා CID  එකට හෙළිකරයි(විඩියෝ )