විදුහල්පති පියතුමා වසර කීපයක සිට විභාග වංචා සිදුකරලාද ?

0
114

fr.jayantha-5( 3.00 pm ) මීගමුව සා.මරියා විදුහලේ ජයන්ත වික්‍රමසිංහ විදුහල්පති පියතුමාට එරෙහිව විභාග අක්‍රමිකතා චෝදනාව හේතුවෙන් විදුහල්පතිධුරයෙන් ඉවත් කොට මේ වන විට මිගමුව කලාප අධ්‍යපාලන කාර්යාලයට අනුයුක්ත කර ඇත.
පසුගිය උසස් පෙළ විභාගය පැවැති අවස්ථාවේදි තර්ක ශ්‍රාස්ත්‍ර ප්‍රශ්ණ පත්‍රයට අදාලව  විභාග වංචාවක් සිදුකර තිබිම පිළිබව මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණයක් පත්වාගෙන යමින් තිබේ.
මේ අතර මේ විදුහල්පති පියතුමා මිට පෙරද මේ ආකාරයෙන් විභාග වංචා සිදුකරමින් තමන්ට හිතවත් සිසුන්ට විභාගයකදි ඉහල ලකුණු ලබාගැනිමට උදව් කර තිබුනේද යන සැකයක් ගැන මේ වන විට අවධානය යොමුව තිබේ.
2017 වසරේ පාසැලේ සිසුන් 8 දෙනෙකු විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබා තිබුණි. පාසැලේ අතැම් දිප්තිමත් සිසුන් සිටියදි ඇතැම් වසරවලදි සරසවි වරම් ලබාවිදැයි අවිනිශ්චිතව සිටි සිසුන්ද ඇතැම් වසර වලදි ඉහල සමාර්ථ ලබා සරසවි වරම් දිනාගෙන ඇත.
මේ අනුව විදුහල්පති පියතුමන් විසින් කලක සිට මෙම විභාග වංචා වැඩපිලිවෙල  සිදුකරගෙන ගොස් තිබුනේද යන්න ගැන මේ වන විට පුලුල් කථා බහක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල මතුව තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ අවධානයටද මේ කරුණු යොමුකිරිමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවද සැලය.
කෙසේ වෙතත් ජයන්ත වික්‍රමසිංහ විදුහල්පති පියතුමා විසින් මේ සිදුකර ඇති අවමානය සා.මරියා පාසැලට පමණක් නොව සමස්ත කතෝලික පාසැල්වලට ද මේ වන විට එල්ලවි ඇතැයි නම සදහන් කිරිමට අකැමැති කතෝලික පාසැලක ගුරුවරයෙකු මිපුරට කියා සිටියේය