විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම අද සිට නවතී

0
161

BIA අද (14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන්  නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වීම මත මෙම තීරණය ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.