විදෙස් මත් පැන් විකිණීම-ප්‍රවාහනය-ළඟ තබා ගැනීමේ සිමාව 80L දක්වා ඉහළට

0
497

Liquors

විදෙස් මත් පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය සහ ලඟ තබා ගැනීමේ උපරිම සිමාව ලිටර් 7.5 සිට ලිටර් 80 දක්වා ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කළේය.

2015.12.31 වන දිනැති අංක 1947/41 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් සුරා බඳු නිවේදන අංක 985 ප්‍රකාරව මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි විදේශීය මත්පැන් සිල්ලරට විකිණිය යුතු උපරිම සීමාව ලීටර් 7.5ක් වන බැවින් බලපත්‍රලාභී නිශ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු නොවන පුද්ගලයකු හට ඉහත කී විදේශීය මත්පැන් ලීටර් 7.5ක ප්‍රමාණය ඉක්මවා ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ බලපත්‍රයක් මත හැර විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම සිදු කළ නොහැකි විය.

මෙම නීති පැන වීමත් සමඟ සිය සාධාරණ පුද්ගලික අවශ්‍යතා සඳහා පත් පැන් ප්‍රවාහන කරන පිරිසට විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු වන බවට චෝදනා එල්ල වු බව ඒ මහතා සඳහන් කළේය.

එනම් උත්සව සඳහා, නැතිනම් මිනි බාර් පවත්වන පිරිසට නැතිනම් විනෝදාංශය වශයෙන් විවිධ වර්ගයේ මැත්මැන් සාම්පල එකතු කරන පිරිසට යම් යම් ගැටළු වලට මුහුණ දීමට සිදු වී ඇත.

එම තත්ත්වය යටතේ සාධාරණ ලෙස සලකා බලා උපරිම සිමාව ලිටර් 7.5 සිට ලිටර් 80 දක්වා ඉහළ දැමු බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මෙම නව නීතිය පසුගිය සැප්තැම්බර් 27 වනදා සිට ක්‍රීයාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
adaderana.lk