විදෙස් මුදල් මංකොල්ලයේ සැකකරුවන් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

0
65

දැනට සති කීපයකට පෙර සිදුවූ විදෙස් මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් නඩු විභාගයක් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. මේ සම්බන්ධයෙන්  සැක පිට දැනට මීගමුව රක්ෂිත බන්ධනාගරගත කොට ඇති පුද්ගලයන් 05 දෙනා අතරට මීගමුව විපක්ෂනායකවරයා ද අයත්වේ.   එහිදී කටුනායක පොලීසිය විසින් මෙම මංකොල්ලය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හට ඇප ලබාදීමේ ඉල්ලීමට පොලීසිය විසින් විරුද්ධත්වය පළකොට ඇත්තේ තවදුරටත් පරීක්ෂණ කටයුතු  කරගෙන යාම අවශ්‍යතාවය බව මතුකරමිනි. එම අවස්ථාව සදහා
කටුනායක පොලීසියේ ස්ථානාධිපති ඇතුළු විමර්්ශන අංශය සහභාගී වී ඇත. එමෙන්ම විපක්ෂනායක රොයිස් විජිත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙහාර රුද්‍රිගු , රෝස් ප්‍රනාන්දු සහ නීතිඤ මඩුල්ලක් පෙනී සිටින ලදී.