විදේශිකයාගේ ජල ක්‍රිඩාව සහ ගිං ඔය

0
525

gin oya 1වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ එක්තරා සංචාරක හෝටලයක් අශ්‍රිතව ගිංඔය මෝයකට ආසන්නයේ විදේශිකයෙකුගේ මැදිහත්වීමෙන් සිදු කරන ජල ක්‍රිඩාවක් හේතුවෙන් ගිංඔයේ පරිසර පද්ධතියට හා මත්ෂ්‍ය සම්පතට මහත් හානියක් වන බව ප්‍රදේශවාසීන් පවසති දවසේ පැය ගණනාවක් මෝටර් බෝට්ටු උපයෝගි කරගෙන සිදු කරන මෙම ක්‍රිඩාව නිසා ගිංඔයේ ඉවුරු දැඩි හානියට ලක් වී ඇති බවත් සංරක්ෂිත ශාඛයක් ලෙස නම් කර ඇති ගිංපොල් ශාකයට මෙන්ම ඉවුරු අශ්‍රිතව සිදුවන මත්ෂ්‍ය බෝවීම් වලටද මෙම ජල ක්‍රිඩා නිසා විශාල තර්ජනයක් එල්ල වී ඇති බව ධීවරයන් හා පරිසරවේදීන්ද පෙන්වා දෙති මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන දැනුවත් කලත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කලේ මෙම ජලකක්‍රිඩා කිරිමට විදේශිකයන් තම ගමට පැමිණීම හොඳ දෙයක් වුවත් තම ගමේ පරිසරය හා සම්පත් විනාශ කරගෙන ලැබෙන ප්‍රතිලාභ වලින් තේරුමක් නැති බවයි මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදි අදාල සංචාරක හෝටලයේ හිමිකරු වන ක්‍රිස්ටියන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය…. මෙම ජල ක්‍රිඩා ගිංඔයේ කරන්න පටන් අරන් දැන් වසර 11ක් වෙනවා එත් දැනට මාස කීපයකට සිට තමයි මේ ප්‍රශ්නේ එන්නේ අපිට, එතන තියෙන්නේ ව්‍යාපාරික ගැටළුවක් අපි මේ ක්‍රිඩා වලින් වසරකට විදේශ විනිමය ලෙස අපේ රටට රුපියල් කෝටි තුනක් විතර ගේනවා විදේශිකයන් 200ක් විතර එනවා ඒ එන්නෙත් ලොකු ධනවතුන් මේ තුලින් ගමට වගේම රටටත් ලොකු සේවයක් වෙනවා මේ පොඩි පිරිසකගේ බාධා කිරිම නිසා අහිමි වෙන්නේ අපේ රටට ලැබෙන දේවල්. මට කිසිම ගැටළුවක් රාජ්‍ය ආයතන වලින් ඇවිත් නැ අනෙක අපි මේ ජලක්‍රිඩා කරන්නේ මාස 6 ක් විතරයි මසුන් බෝවීමට ගැටළුවක් නම් ඉතිරි මාස 6 දි ඒ ගැටළුව විසඳෙනවනේ මෙම ක්‍රිඩාව බෙන්තොට ගඟෙ ගොඩාක් ලොකුවට කරනවා ඇයි මේ වසර 10 ක් නොතිබුණ ප්‍රශ්න, දැන් අපි හැමෝම එකම ගමේ අපිත් කැමති මේ ගම දියුණු වෙනවානම් ඒ නිසා මේ දේ ලොකු ප්‍රශ්නයක් කරනොගෙන එකතුවෙලා ගම දියුණු කරගමු මේ සම්බන්ධයෙන් විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු සුජීවා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය මේ සම්බන්ධයෙන් අපිට කිසිම අයෙකුගෙන් පැමිණිල්ලක් ඇවිත් නැ මෙම ගිංඔයේ පරිසර පද්ධතියට වෙන හානි ගැන ක්‍රියා කරන්න අපිට නීතිමය ප්‍රතිපාදන නැ ,නමුත් අපි මේ ගැන වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව දැනුවත් කලා මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව කලාපය භාර වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවේ ප්‍රාදේශිය නිළධාරිණි වසන්ති පතිරණ මහත්මිය මෙසේ පැවසුවාය… ගිංඔයේ මොටර් බෝට්ටු ජලක්‍රිඩා කිරිම ගැන අපිට ලැබුණ පැමිණිල්ලක් මත පරික්ෂණයක් සිදු කලා අපිට පේනවා එතන පරිසරයට යම් හානියක් වෙන බව එය වලක්වාලිමට උවමනා ක්‍රියා මාර්ග ඉදිරි දින කීපයේදි අපි ගන්න බලාපොරොත්තු වෙනවා
(චන්දන ප්‍රනාන්දුගේ මුහුණු පොතෙනි )