විදේශිය සංචාරකයෙකු අපහසුවට පත්කරමින් තග දමන පිරිස මිගමුවේ ඇමති පවුලක මැරයන්ද ?

0
156

හිරුඋබර් වැනි කුලි රථ සේවාවක සේවාව ලබාගත් විදේශිකයෙකු ඒ රථයේ සිටියදිම කිසියම් මැරයන් පිරිසක් විසින් විදේශිකයාවද අපහසුවට පත්කරමින් ඉතාමත් අශෝභන ලෙසින් හැසිරෙන අයුරු රැගත් විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල විශාල අවධානයක් දිනා ඇත.
ඒ නිසාම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් මේ මැරයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන ලෙස දැනටමත් විධිමත් ඉල්ලිමක් අදාල සියළු බලධාරින්ගෙන් සිදුකර තිබේ.
කෙසේ වෙතත් මේ සිදුවිම මිට මාස කිපයකට පෙර වුවක් යැයි වාර්තා වන අතර එය සිදුව ඇතැයි සැකකරන්නේ මිගමුවේ සංචාරක  කලාපයේ එක්තරා හෝටලයක්  සමිපයේදිය.
මෙරට සමස්ථ සංචාරක කර්මාන්තටයම කැළලක් තබමින් හැසිරෙන මෙවන් මැර පිරිස් මිගමුවේ එක්තරා ඇමති පවුලකට ඇති සම්බන්ධයක් ගැන කථාවක්ද මේ දිනවල පැතිර යන්නට පටන්ගෙනය.
එය සත්‍යයක් නම් සංචාරක ඇමතිවරයා කියා සිටින්නේ තරාතිරම නොබලා ඒ අයවට අත්අඩංගුවට ගන්නා ලෙසය.
සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙවැනි හැසිරිම් සැබැවින්ම අශෝභනය.එබැවින් ප්‍රසන්න රණතුංග ඇමතිවරාගේ නියෝගයට ඉක්මන් ප්‍රතිචාර දැක්විය යුතුව ඇති නිළධාරිට මේ මැර පිරිස ගැන සේවිමේ කටයුතු දැන් තවත් පහසු වි තිබේ.