විනිවිදභාවයක් නැතැයි මුස්ලිම් කොංග්‍රසයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනා.?

0
33

මෙම යෝජනාව සම්බන්ධයෙන් කථා කල ආන්ඩු පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසයේ මොහොමඩ් ඊෂාන් නාගරික මන්තී්‍රවරයා සදහන් කලේ මෙම කඩ සැදීම සදහා බදු ගත් ඉඩමට ඉදිරිපසින් ඇති මහා මාර්ගයේ මේ වන විට පෙර තැනු කඩ 48 අමතරව තවත් කඩ 02 ක් ඉදිකර ඇති බවද පැවසීය.
එලෙසම මෙම කඩ ලබා දීමේදී මීගමුව රාජපක්ෂ බ්‍රෝඩ් වේ මාර්ගයේ සහ ලංකා බැංකුව අසල සිටි වෙළදුන් 25 දෙනාට අමතර මීගමුවට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් අය සදහාද කඩ ලබා දී ඇති බවද පැවසීය. මෙම කඩ මීගමුවේ වෙනත් ස්ථානවල තාවකාලික කඩ පවත්වා ගෙන ගොස් ඉවත් කල මීගමුවේම පදික වෙළදුන්ට ලබා නොදී මෙලෙස කිසිදු විනිවිද භාවයකින් තොරව මහා සභාව නොමග යවමින් කඩ ලබා දීම අනුමත කල නොහැකි බවද ඔහු පැවසීය. එලෙසම ඔහු පැවසුවේ මෙම කඩ ලබා දී ඇති වෙළදුන් සම්බන්ධයෙන් මහා සභාව කිසිදු දැනුවත් කිරිමක් සිදු නොකර මෙලෙස කර ඇත්තේ වංචා සහගත ක්‍රියාවක් බවද ඔහු පවසයි.
එලෙසම ඔහු පවසන්නේ මෙම මෙම කඩ ලබා දීමේදී විනිවිදභාවයක් නොමැතිව මේ සියළු කඩ ලබා දී ඇත්තේ හොර රහසේ බවයි. ඒ සදහා අවශ්‍ය සාක්ෂි පවා තමන් සතුව ඇතැයිද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ නීති විරෝධී ක්‍රියාව පිලිබදව සාධාරණ විසදුමක් නගරාධිපතිවරයා මැදිහත් වී යම් පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු අවසාන වශයෙන් පැවසීය.