අද දහවල් විපක්ෂයේ මන්ත්‍රීවරැන් පිරිසක් පොලිස් පහරදීමෙන් තුවාල ලබා මීගමු රෝහලේ සිටින සේවක සේවිකාවන්ගේ සුවදුක් බැලීමට මීගමුව රෝහලට පැමිණියහ. ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. විජිත හේරත්, ලාල්කාන්ත සහ අනුර කුමාර දිසානායක සහ එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පා.ම. මංගල සමරවිර, ජෝෂප් මයිකල් පෙරේරා යන මහත්වරැන් මීගමුව රෝහලට පැමිණ සේවකයින්ගේ සුවදූක් විමසූ අතර ඊයේ සිදුවූ මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය හා ඒ සම්බන්ධව විධිමත් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුව තුළ හඩක් නගන බවට ද ප්‍රකාශ කරන ලදී. ඒ අතර එම අවස්තාවට මීගමුව නගර සභාවේ විපක්ෂනායක රොයිස් විජිත මහතා, සීදුව කටුනායක නගර සභාවේ විපක්ෂ නායක සරත් පීරස් මහතා ඇතුළු විපක්ෂයේ නාගරික
මන්ත්‍රීවරු පිරිසක් ද එම අවස්ථවට සහභාගී වී සිටියහ.
ඡායා – තුෂාර රොහාන්/ එම්.ඉෂෙඩ් සාජහාන්