එසේම කොලඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කටුවපිටිය දේවස්ථානයේ පාලක පියතුමා වන මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.
අද පැවති මෙම ආගමික කටයුත්තේදී විශේෂ ආරාධිතයා වන ජස්ටින් වෙල්බි හිමිපාණන් අතින් විපතට පත්වූ පවුල් වල පාසැල් යන දරුවන් සඳහා පාසැල් පොත් බෙදාදීමක් සිදුකරන ලදී. එමෙන්ම විපතට පත්වූ සමහර පවුල් වල සාමාජිකයින් සමඟ සුහද කථා බහක යෙදීමටත් එතුමාට අවස්ථාවක් ලැබිණ .