විපතින් මියගියවූවන්ගේ දේහයන් ඥාතීන්ට බාරදෙයි

0
106

(11.38am) ඊයේ (20) මීගමුව කටුවපිටිය දේවස්ථානයට සිදුකළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් අද උදෑසන සිට ඥාතීන්ට බාරදීමට මීගමුව රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටී. මේ වනවිට  මෘත දේහ 84ක් ඥාතීන්ට බාරදී ඇත.
රෝගීන්  39 දෙනෙකු  ප්‍රතිකාර ලබා පිටව ගොස් තිඛේ. දැනට බාරදීම සදහා මෘත දේහ 18ක් ඉතිරිව තිඛෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අතර මෙම දේහයන් බාරගැනීමට අයිතකරුවන් මෙතෙක් ඉදිරිපත්වී නොමැති බවත් හදුනානොගැනීමේ තත්ත්වයක් පවතින බවත් වාර්තා වේ. මේ වනවිට රාගම රෝහලේ පුද්ගලයන් 4 දෙනෙකුත් මාරවිල රෝහලේ දෙදෙනෙකුත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.57430268_658111737980421_8763185966333558784_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here