විපතේදි නොතිබුණු දයාව මනාපය වෙනුවෙන් නැමෙන හැටි?

0
74

FB_IMG_1582370344658FB_IMG_1582370322224

මීගමුව සා.මරියා විදුහලේ උසස් පෙළ පන්තියේ පංතිභාර ගුරුතුමා වු පලිහවඩන මහතා දේශපාලනය සහ දේශපාලකයන් ගැන එදා අපට කියු කාරණයක් මේ දිනවල යළි යළිත් මතකයට නැගේ .
දේශපාලනය කරන්න නම් ඌරු කටකුයි බූරු පිටකුයි තියෙන්න ඕනා .
වසර 40 කට පමණ කලින් කරන්නට යෙදුන ඒ ප්‍රකාශය එදාටත් වඩා  අදට ඇති වලංගුතාවය දිනපතාම සනාථ කෙරෙමින් තිබේ.
පසුගිය වසරේ පාස්කු ඉරුදින සිදුව ඒ ම්ලේච්ඡ මුස්ලිම් අන්තාවාදින් ප්‍රහාරයත් සමගින් දැවැන්ත මුස්ලිම් විරෝධයකට යමින් මිගමුවේදි කිතුණුවන්ගේ එකම ගැලවුම්කරුවා ලෙසින් පෙනි සිටිමින් කටයුතු කරන ලද ඇතැම් දේශපාලකයන් අද අංශක 180 ක් හැරෙමින් මුස්ලිම් ජනයා අතරම ගැවසෙමින් මනාප රැස්කිරිමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතව සිටි.NGB damage 1NGB damage 3NGB damage 2
පාස්කු ප්‍රහාරයෙන් පසු ඇවිලි කලබල වලදි ඒවා මඩින්න කිසිදු සක්‍රිය මැදිහත්විමක් මධ්‍යස්ථ ලෙසින් නොකළ නිමල් ලංසා වැනි දේශපාලකයන් එක් රැයකින් මුස්ලිම් නිවාස ව්‍යාපාරික ස්ථාන 60 කට අධික ප්‍රමාණයක් කඩබිද දමා ලක්ෂ 40 කට ආසන්න පාඩුවක් සිදුකර තිබියදි අඩුම තරමින් ඒ ජනයා දුක විමසිමට මේ කිසිදු තැනක නොපැමිණි නිමල් ලංසා දැන් කටයුතු කරන්නේ ලැජජා නහරය කපා ගත් අයෙකු ලෙසිනි.
මෙහිදි වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ  වන්නේ මිගමුව නගරයේ ප්‍රධාන පුරවැසියා වු දායන් ලංසාද මුස්ලිම් ප්‍රජාවගේ දුක විමසා බැලිමට පැත්ත පළාතක පැමිණ තිබුනේ නැත.
එහෙත් තම සහෝදරයාට මනාප ලබාගැනිම වෙනුවෙන් නගරාධිපති දයාන් ලංසා පෙබරවාරි 4 වෙනිදා නිදහස සමරන්නට මුස්ලිම් ප්‍රජාව අතරට පැමිණි දැවැන්ත මාධ්‍ය සංදර්ශණයක්ද පවත්වා තිබුණි. තම ජනයා මෑත ඉතිහාසය තුල මුහුණ දුන් දැවැන්ත ප්‍රහාරයන් ගැන වගේ වගක් නැතිව සිටි පොහොට්ටුවේ දේශපාලකයන් පෙරටු කොට ගෙන මුස්ලිම් ජනයා යළිත් වරක් ඇන්දිවිමට කටයුතු කරන මීගමුව ඉතිහාසය තුල වඩාත්ම අවස්ථාවාදි වු මුස්ලිම් දේශපාලකයා වු වත්මන් නියෝජ්‍ය නගරාධිපති ෆරිස් දැනටමත් ප්‍රතිපත්ති ගරුක මුස්ලිම් ජනයා අතර මහත්වු පිළිකුලකට ලක්වෙමින් තිබේ.