විභාග ප්‍රතිපළ ආවට පස්සේ හැසිරෙන්ඩ ඕනා විදිහ ගැන දෙමාපියන්ටත් පාඩමක් උගැන්විය යුතුයි – ජනාධිපති

0
76

02-31-1-1140x571කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වන ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ   (16) පස්වරුවේ පැවැත්විණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, දරුවන් විභාගවලට සූදානම් කිරීම මෙන්ම විභාග ප‍්‍රතිඵල හමුවේ ඇතැම් දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන අයහපත් ප‍්‍රතිචාර සහ ඒවා කෙතරම් දුරට ශිෂ්ටසම්පන්න භාවයෙන් තොර ද යන්න පිළිබදව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක විය යුතු බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය ඇතුළු අවස්ථා කිහිපයකදී රට තුළ සිදුවූ එවැනි අමිහිරි සිදුවීම් කිහිපයක් සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දරුවන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ හැගීම් පිළිබද තරගකාරී මානසිකත්වයකින් තොරව අවධානය යොමු කිරීම පිළිබද දෙමව්පියන්ට අවබෝධයක් ලබාදීම දැඩි අවශ්‍යතාවයක්ව පවතින බවයි.

මත් උවදුර, තොරතුරු තාක්ෂණයේ අයහපත් පැතිකඩ ආදිය අද විනයෙන්, හැදියාවෙන් සහ ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනැගීමේදී බරපතළ අභියෝග බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබද සියලූ දෙමව්පියන් අවධානයකින් කටයුතු කළයුතු බවද කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ද විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


http://www.president.gov.lk