විභාග වංචා සිදුකළ විදුහල්පති පියතුමාව කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කෙරේ!

0
155

fr.jayantha-5
උසස් පෙළ විභාග අක්‍රමිකතාවකට චෝදනා ලැබ සිටින  මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මෙම දැනුම් දීමට හේතු වී ඇත්තේ අක්‍රමිකතාව සම්බන්ධයෙන් මේ විට විමර්ශනයක් සිදු කිරීමය.
විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශනයට අමතරව මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස එම දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇත.
මෙම විදුහල්පති පියතුමාට එරෙහි චෝදනාව වූයේ උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ප්‍රශ්න පත්‍රය පැවැත්වෙමින් තිබෙන මොහොතේ එහි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විදුහලේ එම විෂය උගන්වන ගුරුවරයාගෙන් විමසීමය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගුරුවරයාගෙන් හා එම අවස්ථාවේ පාසලේ සිටි බව කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගෙන්ද මේ වන විට දෙපාර්මේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.
මීට අමතරව සිද්ධියට අදාළව තවත් පැමිණිලි කිහිපයක් දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

මිගමුව කලාප අධ්‍යාපන   අධ්‍යක්ෂවරයා විසින් දැනටමත් මේ පිළිබද ලිපිය විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ වෙත යවා ඇතැයි වාර්තාවේ.