විමල්ගේ නියෝගයක් – යළි දෙමළ දෙවැනි පෙළට: සිංහල මුලට දමා අලුත් නාමපුවරුවක්!

0
193
පසුගියදා අමාත්‍ය විමල් විරවංශ විසින් මන්නාරම තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ‘ජාතිකවාදීන්ගේ’

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබිණ. ඒ එහි නාම පුවරුවේ නාමය දෙමල භාෂාව පළමු පෙළට දමා තිබීම සම්බන්ධයෙනි.

ඒ අනුව ඊයේ පස්වරුව වනවිට පැරණි නාම පුවරුව ගලවා, සිංහල භාෂාවට මුල් තැන දී අලුත් නාම පුවරුවක් සවිකර තිබේ. ඒ අමාත්‍ය විමල් වීරවංශ විසින් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලබාදී තිබු සෘජු නියෝගයක් මතය.

පෙර නාමපුවරුව සවිකිරීම සාමාන්‍ය ක්‍රමවේදය අනුව එම ආයතනයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරියෙකුගේ මැදිහත්වීමෙන් සිදුව ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙක ම රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබ ඇත.

මේ පිළිබඳ සිය මුහුණු පොතට සටහනක් එක්කරමින් අමාත්‍ය විමල් වීරවංශ තමන් මැදිහත්ව මෙම සිංහල දෙමළ භාෂා මාරුව සිදුකළ අයුරු මෙසේ දක්වා තිබිණි.

අලුත් නාමපුවරුව

පැරණි නාමපුවරුව


theleader.lk