විරැද්ධ පක්ෂ මන්ත්‍රිලාගේ දැවැන්ත පාවාදිම අද.හැකි අය ගැලරියට එන්න.

0
28

මීගමුව මහනගර සභාවට හෝ මේ නගරයේ බදුගෙවන ජනතාවට කිසිම සෙතක් නැති කොටුව පිට්ටනියේ මාළු වෙළදපොල දැනට ක්‍රියාත්මක වෙමින් ඇති නිතිවිරෝධි තත්වය පිලිබදව මීගමුව හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් අද පැවැත්වෙන මහ සභා රැස්විමට යෝජනාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම යෝජනාව මගින් කියා සිටිනේනේ දැනට මේ වෙනුවෙන් වැය කර ඇති රු ලක්ෂ 400 ක වියදමේ නිසි ප්‍රයෝජනය මහනගර සභාවට සහ බදුගෙවන ජනතාවට හිමිකර දිය යුතුයැයි යෝජනා කර සිටි.
එහෙත් වැඩබලන විපක්ෂ නායක ලෙසින් කටයුතු කරන කැලිසන් ජයකොඩි මහතා දැනටමත් මේ යෝජනාව සභාවට ඉදිරිපත් නොකළ යුතු එකක් යැයි ආණ්ඩු පක්ෂයේම ප්‍රබලයෙක් හට කියා ඇතැයි වාර්ථා වේ.ඒ අනුව කැලිසන්ලා වැනි විපක්ෂයේ අය දැනටමත් මේ යෝජනාවට විරුද්ධ බව හෙළිකර හමාරය.
මේ පෝලිමේ සිටින අනෙක් අපත මන්ත්‍රිලා වන්නේ මෙවර මුදල් කාරක සභාව නියෝජනය කරන සහ නගර සභාවේ සියළු දැ තමන් විසින් ගනු ලබන පුද්ගලික කොන්ත්‍රාත් සදහා යොදා ගන්නා නස්මියාර් මන්ත්‍රි,නගර සභාවේ පොත් ටෙන්ඩරය කෙසේ හෝ ලබාගනිමින් ඉන් ගොඩ ගිය සජිත් මෝගන් සහ දුවලා දිග දිම සදහා ආණ්ඩුවේ ලොක්කන්ගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගත් රවිලා වැන්නන්ය.
මේ අයගේ නායකත්වයෙන් තවත් විපක්ෂ මන්ත්‍රිලාගේ සහායෙන් අද ජනතාවට විරුද්ධව ආණ්ඩුවේ දේශපාලකයෙකුගේ ඥාති සංග්‍රහය රැකිම වෙනුවෙන් ජනතා ජන්දයෙන් පත්ව පැමිණ විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් කටයුතු කිරිමට නියමිතය.
මේ අය කව්දැයි බලන්න එන්න ගැලරියට. අද බැරි අයට තවත් එක් අවස්ථාවක් හිමිය.එනම් මැයි 11 වනදා මේ සියල්ල රෙදි නැතිව මීගමුව පුරා සැරිසැරිමට නියමිතය.