විල්සන්දි දූපතේ සුනඛයාට පිහිට වූ මිනිසුන්

0
86

මීගමුව විල්සන්දි දූපතට ගිය පුද්ගලයෙකු විසින් එම දූපතේ සිටින සුනඛයෙකුට සිදුවී ඇති විපතක් පිළිබදව ඊයේ (06) මුහුණු පොතේ පළකර තිබුණා. සුනඛයෙකුගේ ඇගේ නයිලෝන් ලණුව බැදී සිරවී තිබෙන අයුරු ඔහු දැක තිබුණා. මේ ගැන දැනගත් පසු මීපුර වෙබ් අඩවියේ අපි ඊයේම මිගමුවේ සමාජ ක්‍රියාකාරි නාමල් අය්යාට මේ පණිවිඩය ලබාදුන්නා. ඔහු ජිවත්වන්නේද එම පරිසරය ආශ්‍රිතව බැවින් ඔහු ගොස් මේ ගැන සොයා බැලූවා. පසුව අද අපිට මේ පනිවිඩය ලබාදුන් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම දූපතට ගොස් සුනඛයා සොයාගැනීමට ඔහුද සහභාගී වනවා කියලා අපට කිව්වා. ඒ අනුව අද පෙරවරුවේ නාමල් අය්යා සහ වික්‍රමසිංහ මහතාත් තවත් හිතවතෙකුත් මේ විල්සන්දි දූපතට ගොස් සුනඛයා සොයා ගත්තා. තරමක උත්සාහයකින් පසුව ඔවුන් මෙම සුනඛයාගේ ඇගේ සිරවී තිබූ නයිලෝන් ලණුව ලිහා දැමුවා.
ඉතාම සතුටින් අප ඔවුන් සියලු දෙදෙනාටම හෘදයංගම ස්තූතියත් ගෞරවයත් පුදකර සිටිනවා.
සතුන් වෙනුවෙන් ඉපදෙන සැබෑ මානව ගුණය මෙය බව අපට ඔවුන් ඉගැන්වූ පාඩමයි.