විවාචේ මීගමුවට..

0
75

ඩෙන්මාර්ක් රාජ්‍යයේ ඓතිහාසික —ඇසෙන්ස් නැමැති සමුහ ගායක කන්ඩායම සමගින් මීගමුව මාර්ස්ටෙල්ලා සහ ආව්මරියා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද දායකත්වයෙන් සුවිශේෂි සමුහ ගායන ප්‍රසංගයක් පසුගිය 18 වැනි දින සවස දී පැවැත්විණි. මාරිස්ටෙල්ලා විද්‍යාලීය ගෘහස්ත ක්‍රිඩාංගනයේදී  පැවති මෙම සමුහ ගායන ප්‍රසංගය හදුන්වා තිබුනේ — විවාචේ  – යන ඉතාලි වචනයෙනි.
කෝරල් මියුසික් හෙවත් යම් ගීතයක් කොටස් කිහිපයකට ඛෙදා ඒ එක් එක් කොටස් කන්ඩායම් කීහිපයකට ඛෙදා සමුහ ලෙස විවිධ ස්වර පාරසයන් ඔස්සේ ගායනා කිරීම මෙම ගායන ක්‍රමයේ ඇති විශේෂත්වයයි. මෙවැනි ගායන සහ සංගීතමය අත්දැකීමක් ශ්‍රි ලංකීක සංගීත ලෝලීන්ට දැකබලා ගැනීමට හැකි වන්නේ කලාතුරකිනි.
මෙම ප්‍රසංගයේ දී ඩෙන්මාර්කයෙන් පැමිණි ඇසෙන්ස් ගායනා කන්ඩායමට අමතරව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ශිෂ්‍යයන් සහ ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ශීෂ්‍යාවන්ද සමුහ ගායන ඉදිරිපත් කලහ. එලෙසම මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් සහ ආවේ මරියා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ආදී ශීෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මේ වන විට නිර්මාණය කර ඇති — ස්පැරෙන්සා නම් බටහිර සමුහ ගායනා කන්ඩායමේ සාමාජික සමාජිකාවන් විසින් ද මෙම ගායන ප්‍රසංගයේදී ගීත ගායනා ඉදිරිපත්  කලහ.
මෙහිදී ඉංග්‍රිරසි, ඉතාලි, ලතින්, අප්‍රිකානු සහ සිංහල යන භාෂා 05 ක ගීත සාමුහික ගායනා ලෙස රස විදීමට සහභාගී වු රසික රසිකාවියන්ට අවස්ථාව උදා වී තිබිණී. මෙම ප්‍රසංග මාලාවේ  තවත් ප්‍රසංග කිහිපයක්ම නුවර, නුවරඑලිය සහ කොළඹ යන ප්‍රදේශවලදී පැවැත්වීමට ද නියමිතයි.