මේ දිනවල බංගලාදේශයේ හැම පාරක්ම වගේ ගංගා බවට පත්වෙලා. මේ නිසා රටේ එක්තැනක දනක් දක්වා පිරුණු ජලයේ බැහැගෙන තමන්ගේ ගමන් යන පිරිස්, තවත් තැනක එන්ජිම නතරවීම නිසා මඟනතර වී ඇති වාහන, වෙනත්තැනක ගංවතුර නිසා ඇතිවන වාහන තදබදයට මැදිවූ පිරිස් වලින් පිරුණු මාර්ග මේ දවස් වල බංගලාදේශයේ ජනයාට සුපුරුදු දසුනක් බවට පත්වෙලා. ඒකට හේතුව වෙලා තියෙන්නේ පසුගිය කාලයේ ජනතාව දැඩි විඩාවටත් පීඩනයටත් පත් කල ග්‍රීෂ්ම සෘතුවේ නිමාව සනිටුහන් කරමින් බංගලාදේශයට මෝසම් වර්ෂා කාලය උදා වීමයි.
බංගලාදේශය වසර පුරාම සාමාන්‍යයෙන් සෘතු 6කට මුහුණ දෙන රටක් ඉන් එක්ක තමයි, Barsha ලෙස ඔවුන් හදුන්වන වර්ෂා කාලය. බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් ආරම්භ වන මෙම මෝසම් වර්ෂාව බංගලාදේශයේ භූමි ප්‍රමාණයෙන් 80% කටත් වඩා බලපාන බවයි එරට කාලගුණ විදයාඥයන් පවසන්නේ. නමුත් මෙ විදියට බංගලාදේශයට බලපාන මෝසම් වර්ෂවේ විශේෂත්වය තමයි දිගු ග්‍රීෂ්ම සෘතුවකින් පසු පැමිණෙන ප්‍රථම වර්ෂාව මෙය වීම. ඒ නිසාම බංගලාදේශ වැසියන් මේ වර්ෂාව පිළිගන්න බලාගෙන ඉන්නේ ඉතාමත් ආසාවෙන්.
ඒ නිසාම බංගලාදේශයේ වර්ෂා කාලයේදී කැමරා කාචයේ සටහන් වූ සොදුරු දසුන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කරා.










[divider]
පරිවර්තන සටහන – චින්තිකා මිතිලායා
උපුටාගැනීම – Pantha Rahman Reza / Global voice